පාරාදීසය දකින්න අලගල්ලට ගිය ගමන…

307
පාරාදීසය දකින්න අලගල්ලට ගිය ගමන…

උතුවන්කන්ද” බතලේගල” හුන්නස්ගිරිය හන්තාන යන කඳු පසුගිය අවුරුදු කිහිපය තුළ අපි නැග්ගත් කොරෝනා වසංගතය” තෙල් ප්‍රශ්නය සහ රටේ ප්‍රශ්න නිසාත් ගමන් බිමන් සීමා කළා. ඒත් අපිට යන්න බැරි වුණ අලගල්ල කන්ද අපි දවස් ගණන් හිතින් නැග්ගා. කොහොම වුණත් පසුගිය දවසක අලගල්ල කන්ද නගින්න දිනයක් දාගත්තා. අපේ ගමන්වල මූලිකයා ජගත් කණහැර මන්නාරමේ සංචාරයකට යන්න තියෙන නිසා ඔහු එදාම මන්නාරම බලා පිටත් වුණා. ඒ නිසා අපි කිහිප දෙනෙක් මේ ගමන කෝච්චියෙන් යන්න තීරණය කළාිබස් එකේ” කාර් එකේ” මෝටර් සයිකලයේ” පාපැදියේ ගමන් යන අපිට කෝච්චියේ ගමනත් ටි්‍රප් එකක් තමයි. උදේ කොටුව දුම්රියපොළෙන් පටන් ගන්නා 5.50 බදුල්ල දුම්රියට එකතු වුණා. අපි පිරිස දොළොහයි. (වයස අවුරුදු 8 සිට 56 දක්වා වයස් කාණ්ඩවල) පොල්ගහවෙල පහු වෙන කොට අලගෙඩි ගොඩක් නැත්නම් මොල්ලියක හැඩයේ උස් කඳුවැටියක් දක්නට පුලුවන්. මෙම කඳුවැටිය රඹුක්කන දුම්රියපළට වඩාත් සමීපව පේනවා. මුහුදු මට්ටමින් මීටර් 1140 පමණ උසින් තමයි අලගල්ල කන්ද පිහිටලා තියෙන්නේ.

අලගල්ල කන්දට යන්න මාර්ග තුනක් තියෙනවා. එකක් ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ළඟින්. අනික ගංගොඩ දුම්රිය ස්ථානයෙන්. ඒ වගේම පොත්තපිටිය හරහා. පොත්තපිටිය හරහා යන ගමන පහසුයි. ඉහළ කෝට්ටෙන් නැග්ගත් මගදි පොත්තපිටියෙන් නගින පාරට එකතු වෙනවා. අපිත් අපේ කණ්ඩායම ගැන හිතලා පොත්තපිටිය හරහා යන්න තීරණය කළා. ඒ නිසා පිළිමතලාව දුම්රිය ස්ථානයෙන් බැස්සා. පිරිසිදු දුම්රිය ස්ථානයක්. අපි දුම්රිය ස්ථානාධිපතිතුමා හමුවී සවසට කොළඹයෑමට දුම්රිය කාලසටහන විමසුවා. අපේ කණ්ඩායමේ චන්දන” ස්ථානාධිපතිතුමා සමග කතාවක හිටියේ. ඉතා ක්‍රියාශීලී වූ විපුල රේණුක ජයරත්න ස්ථානාධිපතිතුමා පිළිමතලාව දුම්රිය ස්ථානය ගැනත්” අපි කාටත් කුතුහලයක්” උවමනාවක්” නොදන්නා දෙයක් වූ “ටැබ්ලට්”එක ගැන පැහැදිලි කළේ උදාහරණ සහිතව. බාල මහලු කාටත් පැහැදිලි වන සේ කියා දුන්නා. දුම්රිය දෙකක් එකම රේල් පිල්ලේ එකම වෙලාවට නොයන්නේ මේ “ටැබ්ලට්” එක නිසා. (උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කනින් පසුව ඇත්තේ එක ගමන් මාර්ගයක් නිසා) ඉංග්‍රීසි පාලන සමයේ හදුන්වාදුන්නත් ටැබ්ලට් ක්‍රමය තාමත් ඉතා හොඳින් ප්‍රයෝජනයට ගන්නවා. ස්ථානාධිපතිතුමාට හා කාර්ය මණ්ඩලයට ස්තුති කරලා පිටත් වෙමු කියලා අපිට මඟ කියාදෙන්නා නාලක දිසානායක ඉඟි කළා. පසුගිය සුමානයේම එක දිගට වැස්ස නිසා දහවල් දෙක තුන වනවිට වැස්ස වැටෙනවලු. පිළිමතලාවේ සිට පොත්තපිටියට(කි.මි. 6) බස් එකෙන් ආවා. පය ඉක්මන් කරමින් බස් නැවතුම ළඟින් ඇති පාරදිගේ අලගල්ල ගමට පිටත් වුණා. කිලෝ මීටර් එකහමාර දෙකක් පමණ ගුරු පාරදිගේ යනවිට අලගල්ල ග්‍රාමය හමුවෙනවා. අලගල්ල තේ කර්මාන්තශාලාව ළඟින් තමයි ගුරු පාර වැටිලා තියෙන්නෙ. පෙනෙන පෙනෙන මානයේ තේ වතු. අපි ගමන් කරන මාර්ගයේ සෙල්ලම් කරමින් සිටි දමිළ ළමුන් අත වනමින් අපිට ගමනට දිරි දුන්නා. අපිත් පෙරලා අත වනමින් එකා දෙන්නා පේළියට ඉදිරියට ඇදුනා.

පාරාදීසය දකින්න අලගල්ලට ගිය ගමන…
විපුල රේණුක ජයරත්න ස්ථානාධිපතිතුමා ‘ටැබ්ලට්’ එක ගැන පැහැදිලි කරමින්

ගමේ ගෙදරක් ළඟ සුද්ද කරපු අඩි 6 – 7 ලී දඬු ගොඩක් තිබුණා. අලගල්ල නගින අයට ගමන පහසුවට අරන් යන්න මේවා තිබෙන්නෙ. අපිත් ගමනේ අත්වාරුවට දණ්ඩ බැගින් ගත්තා. දැන් අපි අලගල්ල කන්ද පාමුලට ඇවිත් තියෙන්නෙ. තේ වතු මැදින් හෙමින් හෙමින් ඉදිරියට යන ගමන් නාලක දිසානායක ගමන ගැන පොඩි විස්තරයක් කළා. ගමන දුෂ්කර තැන් සහ වැස්සට කලින් පැමිණීම ගැනත් වැස්ස නිසා කුඩැල්ලෝ ගහනය වැඩිවීම ගැනත් කතා කළා. ගමන ඉක්මන වගේම පරිස්සම වැදගත් බව අවබෝධ කර දුන්නා.

දැන් අපි තේ වතු පසු කරමින් කැලේ කොටසට ඇතුළු වුණා. දැන් දැන් කුඩැල්ලෝ අපිට ප්‍රශ්න දානවා. අපි කුඩැල්ලන්ට මුහුණ දෙන්න ලෑස්තී වී ආවත් උන්ගේ එල්ලීම අඩුවක් නැහැ. අංශක 60 – 70 ත් ආනත කන්ද එක දිගට නගින්න අමාරුයි. අපේ කණ්ඩායමේ මාධවගේ පුතා රාහුල් (අවුරුදු 8)” තිසඟ(අවුරුදු 12) අපිව පහු කරගෙන කන්ද නගිනවා එක සීරුවට. කොහොම වුණත් අපි සියලු දෙනා විශාල ගහක් යට විනාඩි දහයක් පමණ ගිමන් ඇරියා. ගෙනාපු පලතුරු බෙදා ගන්නා අතර එල්ලෙන කූඩැල්ලන් එක්කෙනා දෙන්නා අයින් කළා. නාලකගේ සංඥාවෙන් නැවත කන්ද නැගිමට පටන් ගත්තා. දැන් දැන් කන්ද අමාරුයි. මාධව” මම” චමින්ද” විරාජ්” කෝසලා හෙමින් හෙමින් අතු මුල් අල්ලමින් පරිසරය විඳ විඳ නගිනවා. කන්ද මැද හරියෙ හමුවුණ පොඩි ගල්තලාවක් ළඟ මහන්සියට නතර වුණා. ගල්තලාවට මුළු පරිසරයම පේනවා. ඈත කඳු වළලුවලින් පිරිච්ච නිල් අහස අතරින් සිරිපාදයේ කන්දේ හැඩය යාන්තමට දැක්කාම ගමනට ශක්තියක් ආවා. දැන් දැන් අලගල්ල කඳු මුදුන පේනවා. සිංහ කොඩියකුත් ඈතට ලෙළ දෙනවා.

“අලගල්ල” නම හැදුන හැටි අවුරුද 50 පෙර අලගල්ල ග්‍රාමය කරගත් සහ මධ්‍යම පළාතේ හිටපු විදුලි අධිකාරි ආර්. එම්. ඩබ්ලිව්. රත්නායක මහතා කවියකින් පටන් අරං මෙහෙම කිව්වා.

අලට කන්න බැරි අලගල්ලේ කන්ද
බතට කන්න බැරි බතලේගල කන්ද
හූනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද
මේ කඳු තුනට නායක සමනල කන්ද

කන්ද මුදුන ඈතට පේන්නේ අල ගොඩක් වගේ නිසා අලගල්ල නම ව්‍යවහාර වුණ බවයි. 1948 පෙබරවාරි මාසේ 4 වැනිදා ලංකාවට නිදහස ලැබුණ නිසා කොළඹ පැවතුන මේ නිදහස් උත්සවය බලන්න කියලා හිතලා අලගල්ල කඳු මුදුනට ප්‍රදේශවාසීන් නැගලා තිබෙනවා. එදා ඉදන් ඒ ගමන සිහි කිරීමට සඳහා සෑම අවුරුද්දකම පෙබරවාරි 4 වැනි දින කණ්ඩායමක්” කිහිපයක් හෝ මේ අලගල්ල කන්දට නැගලා සිංහ කොඩියක් කොඩි කණුවක සිටුවා ගමන සමරනවා. හැබැයි වර්තමානයේ හැමදාම අවුරුද්ද පුරාම මේ කන්ද නගිනවා. ඉස්සර මේ කන්ද (1970 පමණ) කුළු හරක්” මුවෝ” හාවෝ” පිඹුරෝ වැනි සත්තුත් හිටියා. වටිනා කියන බෙහෙත් වර්ග” ගස්වර්ග” පැළැටිත් තිබුණා. දැන් නම් සත්තු නැහැ. අලගල්ල ගමේ කුඹුරු කරන්නේ මී ගවයන්ගෙන්. (රජරට පැත්තේ එළ ගවයන්ගෙන්) මේ මී ගවයෝ කුළු හරක් වගේ ලොකුයි. කුළු හරක් වගේමයි. කුඹුරු වැඩ ඉවර වුණාම ගම්මුන් මේ මී ගවයෝ නම් කොටලා කන්ද මුදුනට මුදා හරිනවා. කුඹුරු වැඩ කරන කාලයට නැවත අරගෙන එනවා. රත්නායක මහතා ගමන එන්න දවස් කිහිපයකට කලින් කියපු මේ දේ මතක් වුණා. දැන් නම් පිඹුරෙක් තියා හරකෙක්වත් නැහැ.

මධ්‍යම සහ සබරගමු පළාත් මායිමේ පිහිටි අලගල්ල කඳුවැටිය මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක භූමි ප්‍රදේශ වසාගෙන පැතිර පවතිනවාි යටිනුවර” හතරලියද්ද” මාවනැල්ල සහ රඹුක්කන වශයෙන්.

කඳු මුදුනේ කෙලවරක තියෙනවා පන්සලක්. එතන තියෙනවා නොසිඳෙන කුඩා පොකුණක්. අලගල්ල ප්‍රදේශයට දැඩිි නියඟයක් පැමිණි කාලෙක ඔය පොකුණට වතුර ටිකත් දාලා එළිවෙනකල් පරිත් කියනවා වැස්ස ඉල්ලලා. කිව්වට විශ්වාස කරන්න” එවලේ ඉදලා එක දිගට දවස් කීපයක් වහිනවා නියගය අකාමකා ගිහින් කුඹුරු වැඩ කරගන්න පුළුවන් වෙන්න. මම එහෙම සිද්ධි දැකලා තියෙනවා කියලා රත්නායක මහතා කිව්වෙ අතීතය සිදුවීම් මතක් කරමින්.

මාධව දැක්කා එයාගේ පොඩි පුතාත්” බිරිඳත් කඹයේ එල්ලියා සිංහ කට අතරින් උඩට නගිනවා. මාධව ගල් ගැහිලා වගේ බලන් හිටියේ දණ්ඩට බරදෙමින්.

අපිට පහළින් තවත් තුන් දෙනෙක් එනවා. අපිත් කකුල් දෙකෙන් මෙන්ම අත් දෙකෙනුත් බිම අල්ලා ගෙන කන්ද බඩ ගෑවා. දැන් ඇත්තේ අමාරුම හරිය. නාලක සහ ඔහුගේ සගයා එකිනෙකාට උදව් කරමින් සිංහ කට මැදින් උඩට ගන්නවා. මාධවත් මමත් පරිස්සමට” සීරුවට කලබල නොවී ගලින් ගලට අතපය තබමින් වාරු ගනිමින් කඹයේ ආධාරයෙන් මුදුනට ආවා.

කඳු නගිනවා කියන්නෙ වෙනම ක්‍රීඩාවක්. කඳු නැගිම හැමදෙනාටම කරන්නත් බැහැ. කරන්නෙත් නැහැ. පුරුදු වෙන්න ඕනේ. වයස අදාළ නොවුණත් කැපවීම” උනන්දුව සහ සිරුරේ කෙට්ටු බව ඇත්නම් කඳු නැගිම පහසුයි. මට මෙහෙම කිව්වෙ The broder advencter හි ලෝජිත් රඹුක්වැල්ල මහතා. ඔහු ලංකාවේ ඕනෑම කන්දක් යෑම සඳහා ගයිඩ් කරන ටීම් එකේ ප්‍රධානියා.

කඳු නැගීමේදී (Hiking) කන්දේ උස” ගමනේ දුර” කන්දේ සහ ගමනේ දුෂ්කර බව අනුවත් ඒ සදහා ගතවෙන කාලය අනුවත් වර්ග කිහිපයක බෙදන්න පුලුවන්.

කඳු නැගීම් වර්ග (Types of Hiking)

  1. පහසු කඳු නැගීම (Easy)

කණ්ඩායමක සිටින සියලුම දෙනාට ඉතා පහසුවෙන් තරණය කළ හැකි වර්ගයේ කඳු නැගීම්. උදාහරණ වශයෙන් දුණුමඩලාව (මහනුවර මැද තියෙන එකක්)” ගලබොඩ දියඇල්ලට යන කඳු නැගීම (Hike). ඒ ගමන හරිම පහසු මාර්ගයක්

  1. මධ්‍යස්ථ පහසු කඳු නැගීම (Moderate)

ශාරීරික යෝග්‍ය තාවය සෑහීමකට පත්විය හැකි සෑම දෙනෙක්ටම අපහසුතාවයකින් තොරව තරණය කළ හැකි අතර ඉතා සුළු වශයෙන් අපහසු භූමි” තරණය කිරීමට සිදු වේ. උදාහරණයක් වශයෙන් මොනරගල කන්ද

  1. මධ්‍යස්ථ වෙහෙසකර කඳු නැගීම
    (Moderate Strenuous)

මධ්‍යස්ථ දීර්ඝ කඳු තරණයක් වන අතර මධ්‍යස්ථ ප්‍රමාණයේ බෑවූම්” නැගීම් සහ බාධක සහිත භූමියේ තරණය කිරීමට සිදුවේ. කඳු නැගීමේ අත්දැකීම් ඇති අයට යෝග්‍ය වේ. උදාහරණයක් වශයෙන් කබරගල කන්ද

  1. වෙහෙසකර කඳු නැගීම (Strenuous)

සම්පූර්ණ දිනයක් තුළ නිමාකළ හැකි දීර්ඝ සහ සෑම විටම අභියෝගාත්මක කඳු නැගීමක් වේ. අත්දැකීම් බහුල කඳු නගින්නන්ට පමණක් යෝග්‍ය වන අතර ශාරීරික යෝග්‍යතාවය ඉතා හොඳ මට්ටමක පැවතිය යුතුය. උදාහරණයක් විදියට කළුගල සිට යහන්ගල දක්වා ගමන.

  1. ඉතා අසීරු කඳු නැගීම (Very difficult)

දීර්ඝ මෙන්ම අතිශයින් දුෂ්කර සහ අතිශයින් ම අභියෝගාත්මක භූමියේ ගිරි” දුර්ග” කඳු” පල්ලම්” ඇළවල්” ගංගා තරණය කිරීමට සිදුවන අතර මාරාන්තික ස්ථානයන් පවා තරණය කිරීමට සිදුවේ. දින දෙකක් හෝ ඊට වැඩි ගණනාවක් ගත වන අතර ශාරීරික යෝග්‍යතාවය විශිෂ්ට මට්ටමක පැවතිය යුතුය. උදා: ලකේගල ගමන. ලංකාවේ කඳු නගින්නන්ගේ dream mountain එන තමයි ලකේගල නැගීම. මේ ගමන්වලදී සමහර තැන් කඹ ආධාරයෙන් තමයි නගින්න වෙන්නෙ. සප්තකන්‍යා කඳුවැටිය මේ සම ගණයේ ගන්න පුළුවන්. ලංකාවේ නකල්ස්වල සමහර කඳු මේ ගණයට ගන්න පුළුවන්. අලගල්ල මේ අතරින් තුන්වැනි කඳු නැගීමට දාන්න පුළුවන්.

අලගල්ල කන්ද මුදුනට නැග්ග විට අංශක 360 ක් වටේට ප්‍රදේශ ලස්සනට පේනවා. නිල්වන් අහස සිප ගන්නා කඳු වැටි එක එකක් පරයමින් නැගි සිටිනවා වගේ. නාලක එකින් එකට පැති පෙන්වමින් අපට පේන කඳු ගැන විස්තර කරා. උතුවන් කන්ද ළඟටත්” බතලේගල කන්ද මුදුනත්” අම්බුළුවාව” මාතලේ රත්තොට කඳු ර්‍ණ නකල්ස් කඳුවැටිය” හුන්නස්ගිරිය” නෙල්ලිගල චෛත්‍යයත්” දොළොස්බාගේ කඳු සේම කුරුණෑගල” මාවනැල්ල” රඹුක්කන” වරකාපොළ ඇතුළු තවත් නගර කිහිපයකුත් දැක ගන්න පුළුවන්.

කෝච්චියේ හෝන් සද්දයට පල්ලෙහා බැලුවා. කෝච්චිය හෙමින් හෙමින් ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට ළඟා වෙනවා. මුදුනේ ඉඳන් බැලුවම ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය හොඳින් පේනවා. ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය පසු කරමින් ඊළඟ දුම්රිය ස්ථානයට දුම්රිය යෑම ලස්සනට පේනවා. දැඩි අව්වක් තිබුණත් කඳු යායවල් සිසාරා එන සුළඟ නිසා ගමනේ මහන්සිය අඩුකරා. මේ පෙබරවාරි මසේ හතරවැනිදා හිටවපු සිංහ කොඩිය කොඩිගල මුදුනේ (ඉංග්‍රීසි පාලන සමයේ අප රට මිනුම්ගත කිරීමේ දී ඒ සඳහා ආධාරක මිනුම් කොඩියක් සවි කොට තිබීම නිසා ඊට ඒ නම පටබැඳී තිබේ) සුළඟට ලෙළ දෙමින් කන්දේ අභීත බව කියා පෑවා. අපේ කණ්ඩායමේ සියලු දෙනා පරිසරය විඳිමින්” පරිසරයේ ලස්සනම තැන් තමන් තමන්ගේ ජංගම දුරකතන කැමරා වලට හසු කර ගත්තා. අපි ගෙනා කෑම වර්ග අලගල්ල කඳු මුදුනේදී බෙදාගත්තා. අපිට මදිකමක් වුණේ වතුර. මහන්සියට වතුරම බීලා. වතුර ලීටර් දෙකක්වත් එක්කෙනුකට අවශ්‍ය බව දැනුනා.

පාරාදීසය දකින්න අලගල්ලට ගිය ගමන…

නාලක මඟ පෙන්නමින් කඳු මුදුනේ කෙළවරට අපිව එක්කගෙන ගියා. කන්ද කෙළවරේ පන්සලට යෑමට මේ කන්දෙන් බහින්න ඕනෙ. මෙතනට කටුසු කොන්ද කියලත් කියනවා. රත්නයක මහතා කියපු කටුසු කොන්ද. මෙතනින් බහින්න වෙන්නෙ කඹයක ආධාරයෙන්. නාලක ගෙනා කඹය එක් කොනක් ගැටගහන ගමන් කිවවා. එක එක්කෙනා කඳු බෑවුමට බස්සවන්න නාලකගේ මීළග කාර්යය. ඒක අමාරු ටිකක් බය හිතෙන බෑවුමක්. අපි කාටත් බය හිතුනේ මාධවගේ පුතා රාහුල් කඹය ආධාරයෙන් පහළට ගෙන යෑම කොට. සියලු දෙනා මීයාට පිම්බා වගේ. පරිසරයේ සුළං රැලි හමා යන ශබ්දයත්” මාධවගේ හුස්ම ඉහළ පහළ යෑමත් තමයි ඇහුණේ. ඊළඟට භාතික. පිළිවෙළින් චමින්ද” කෝසලා” විරාජ්” මාධව” වත්සලා” තුෂාර” තිසඟ පුතත් පල්ලෙහාට සීරුවට නාලක ඇරලුවා. නාලක උඩට එන අතරේ මමත් හෙමින් හෙමින් කඹේ ආධාරයෙන් පහළට බැස්සා. නාලකත් සගයෝ දෙන්නා සමීරත්” නිමේෂුත් අන්තිමට බැස්සා. කැලේ මැදින් ගස් අතු ඈත් මෑත් කරමින් ඉදිරියට ගියේ දැඩි මහන්සියකින්. කිලෝමීටරයක් පමණ කැලේ මැදින් යන විට ඈත චෛත්‍යයේ කොත පේන්න ගත්තා. සියලු දෙනාට සතුටක් ගෙන දෙන කාරණයක්. ඉක්මනින්ම ගල්තලාවට කිට්ටු කළා. ගිනි ගන්න අව්ව නිසා හනි හනික චෛත්‍යයේ හෙවන ළගට ගියා. වෙහෙර තිබුණේ ගල්තලාව මත. අලගල්ල කඳු මුදුන වගේම චෛත්‍යය ළඟටත් ඈතට පරිසරය පේනවා. නාලක පෙන්නුවා මහනුවර බහිරව කන්ද. කඳු මුදුනේ ඉඳන් බලනකොට දර්ශන වගේම සිතුවිලිත් ගලාගෙන එනවා.

දැන් දවල් දෙකයි තිහ පහුවෙලා. ඉරත් බහින පැත්තට බරවෙලා. චෛත්‍ය හෙවනැල්ලට මුවා වී හිඳ ගත්තා. ගෙදරින් ගෙනා දහවල් ආහාරය සවස තුනට පමණ අනුභව කරන්න පටන් ගත්තා. රත්නායක මහතා පැවසු පොකුණ වතුරින් පිරිලා තිබුණා. විවිධාකාර පක්‍ෂීන්ගේ ශබ්දයෙන් පරිසරයේ පාළුව මකා දැම්මා. මෙවැනි පරිසරයක සුවය විඳ ගැනීමත් පෙර පිනක් තමයි කියලා හිතුනා. එච්චරම ලස්සනයි. පරිසරයේ විවිධත්වය” ගස්වල විවිධත්වය” වර්ණවල විවිධත්වය ලස්සනට පේන්නේ මේ වගේ කඳු මුදුන් වලට. අපිට හිතුනෙම අපි කොච්චර වාසනාවන්ත ද මේ වගේ රටක ඉපදීම කියලා. අපි දවල් ආහාරය ඉක්මනින්ම ගත්තා. අලගල්ල ගමේ බාලාගේ කෑම එක. රසයි.

කොහොම වුණත් දැන් දැන් අහසත් එක පැත්තකින් කළු කරගෙන එනවා. බදුල්ලෙන් පිටත් වුණ දුම්රිය සවස 5.25 පමණ වනවිට පිළිමතලාවට එනවා. කොහොමටත් අපිට ඒ දුම්රියට යන්න වෙලාව නැහැ. දැන් සවස හතරයි. කොහොම හරි වැස්සට කලින් යන්න ඕනේ. කඳු නගිනවා වගේම බහින එකත් අමාරුයි. වැස්ස ආවොත් බහින්න නෙමේ රූටන්න වෙන්නෙ. චෛත්‍යයේ ඇතුළත ඇති බුදු පිළිම වහන්සේ වැඳ පුදා ගෙන ඉක්මනට බහින්න තීරණය කළා. ගංගොඩ ගමෙන් පන්සලට යන පඩිපෙල පහළට දිගට පේනවා. සිරිපාදේ බහිනවා වගේ ඈතට පඩිපෙළවල් තැනින් තැන ර්‍ණ තැනින් තැන තියෙනවා. කඹයේ ආධාරයෙන් බැහැපු කටුසු කොන්ද මගහරිමින් අපි කන්ද වටෙන් ගියා. වටෙන් බහින්නත් පාරක් තියෙනවා. වටෙන් ගියාම අලගල්ල කඳු මුදුනට නැගපු තැනින් ටිකක් පහළින් මතු වෙන්න පුළුවන්. දැන් දැන් ඉක්මන් වීමත් එක්ක ලෙස්සන්න ගන්නවා. බෑවුම වැඩි තැන් දෙක තුනක අපිවම පාලනයෙන් මිදී රූටන්න ගත්තා. හැකි ඉක්මනින් කඳු පාමුල ඇති ලී දඬු ආධාර ගත්ත තැනට ආවා. අපි අරන් ගිය ලී ආධාර ඒ ලී දඬු සකස් කර තිබූ අයට පින් දෙමින් පිළිවෙළට අඩුක් කළා.

පිළිමතලාව ස්ටේෂන් එකට දුරකථන ඇමතුමක් ගත්තා. අයහපත් කාලගුණය හේතුවෙන් පමා වී දුම්රිය 6.30 ට එන බව කිව්වා. පුදුම සතුට ගෙන දුන් ඇමතුමක උත්තරයක්. හැකි ඉක්මනට පොත්තපිටියට ආවා. හැන්දෑවේ හයෙන් පස්සෙ පොත්තපිටියෙන් පිළිමතලාවට බස් නැහැ. හිත හිත ඉන්න වෙලාවක් නැහැ. ත්‍රීවිල් දෙක තුනක නැගි හැකි ඉක්මනට වෙනකොට ස්ටේෂන් එකට ආවා. අපේ කාගෙත් බලාපොරොත්තු දල්වමින් අපිව කොළඹට රැගෙන යන ගමන් සගයා බැබලි බැබලි එනවා හෝන් ගහගෙන සද්ද දාගෙන. ඒ අතරතුර අපිට ගමනේ මඟ පෙන්වා උදව් කළ නාලකටත් ඔහුගේ මිත්‍රයන්වූ සමීරටත්” නිමේෂටත් සමුදෙන්න අපි අමතක කළේ නැහැ.

ඡායාරූප සහ සටහන
හර්ෂණ ජයතිලක

advertistmentadvertistment
advertistmentadvertistment