පාරිභෝගික අධිකාරියේ දූෂණ හෙළි කළ හිටපු අධ්‍යක්‍ෂගෙන් ප‍්‍රශ්න නොකරන්නේ ඇයි? – බුද්ධික පතිරණ මැති සබයේදී අසයි

199

පාරිභෝගික අධිකාරියේ සිදුව ඇති දූෂණ වංචා පිළිබඳව බරපතළ අනාවරණ දෙකක් සිදුකර ඇති හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප‍්‍රශ්න කිරීමට මෙතෙක් පියවර ගෙන නැත්තේ කුමන හේතුවකට දැයි මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා (සජබ) ඊයේ (04 දා) පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කළේය.

සුදුලූනු වංචාව ඇතුළු මහා පරිමාණ වංචාවන් පිළිබඳව හිටපු අධ්‍යක්‍ෂවරයා බරපතළ හෙළිදරව් කර තිබියදී සී.අයි.ඞී. ය මාධ්‍යවේදීන් ඇතුළු වෙනත් පුද්ගලන්ගෙන් ප‍්‍රශ්න කරමින් සිටින බවත් තොරතුරු ඇති පුද්ගලයාව මෙතෙක් කැඳවා නොමැති බවත් මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

තුෂාන් ගුණවර්ධන මහතා ජනපතිවරයාට වංචා දූෂණ ෆයිල් පෙන්වීමට සිටින බවත් දැන්වත් ඔහුව කැඳවා සී.අයි.ඞී.ය වංචා ගැන තොරතුරු ලබාගත යුතු බවත් හෙතෙම පැවසීය.

මෙහිදී පිළිතුරු දුන් පාරිභෝගික සේවා ඇමැති ලසන්ත අලගියවන්න මහතා සී.අයි.ඞී.ය ප‍්‍රශ්න කළයුතු අය කවුද යන්න තමාට හෝ අමාත්‍යාංශයට තීරණය කළ නොහැකි බවත් පරීක්‍ෂණ පවත්වන අංශ ඉදිරියේදී අවශ්‍ය පියවර ගනු ඇති බවත් සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment