පාරිභෝගික අධිකාරියේ ලොක්කෝ රත්නපුරේ ගෑස් ගබඩා ‘චෙක්’ කරති

196

ගෑස් සිලින්ඩර කාන්දුවීම ගැන පාරිභෝගිකයින්ගෙන් ලද පැමිණිලි අනුව රත්නපුර දිස්ත‍්‍රික්කයට ගෘහස්ථ ගෑස් සපයන ගෑස් සමාගම් දෙකේ ප‍්‍රධාන මධ්‍යස්ථාන දෙක පාරිභෝගික අධිකාරියේ රත්නපුර කාර්යාලයේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරමින් ගෑස් සාම්පල ලබා ගන්නා ලදී රත්නපුර කුරුවිට පිහිටි එම ගෑස් බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකෙන් අහඹු ලෙස ලබාගත් ගෑස් සිලින්ඩර කිපයක් වැඩිදුර පරීක්ෂණ සඳහා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ රසායනාගාරයට පෙරේදා (29 වැනිදා) යැවූ බව පාරිභෝගික අධිකාරියේ රත්නපුර කාර්යාලයේ ප‍්‍රධානි උදය නාමල්ගම මහතා පැවසීය. ගෑස්වල සංයුතිය පරීක්ෂා කර අවශ්‍ය වුවහොත් නීතිමය පියවර

පාරිභෝගික අධිකාරියේ ලොක්කෝ  රත්නපුරේ ගෑස් ගබඩා ‘චෙක්’ කරති

ගන්නා බව ද ඔහු කීවේය. විමර්ශන නිලධාරීන් වන තිළිණ ජයසිංහ, යසින් ඉෂාන්, මේඝ කන්දේවත්ත යන මහත්වරු විමර්ශන කටයුතු සඳහා සහභාගී වූහ. රත්නපුර දිස්ත‍්‍රික්කයේත් ගෑස් සිලින්ඩර කාන්දුවීමේ අනතුරු පසුගිය දිනවලදී වාර්තා වී නැති බව ද රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

රත්නපුර කහවත්ත – සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment