පාරිභෝගික අධිකාරිය ඉදිරිපිට බිත්තර ගහන්න යනවා  

128

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති

හෝටල්වල බිත්තර ආප්පයක් රුපියල් 130ත් 135ත් අතර මිලකට අලෙවි කිරීමට හේතුව බිත්තර මාෆියාකරුවන් බිත්තරයක් රුපියල් 55ට 60ට අලෙවි කිරීම නිසා බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා “දිවයින”ට ඊයේ (11 දා) පැවැසීය.

ඒ නිසා මාෆියාකාරයින්ට එරෙහිව පාරිභෝගික සේවා අධිකාරිය පියවරක් නොගැනීම සම්බන්ධයෙන් එම අධිකාරිය ඉදිිපිට ඉදිරි දිනයක ගොස් බිත්තර පොලොවේ ගසා සාධාරණයක් ඉල්ලන බවද හෙතෙම කීය.

තවදුරටත් කතාකළ අසේල සම්පත් මහතා මෙසේද කීය. දැන් බිත්තරයක් අලෙවි කරන්නේ රුපියල් 55ට 60ට කොහොම වුණත් බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා යන්නේ රුපියල් 30යි නමුත් බිත්තර සංගම් කියනවා සත්ව ආහාර මිල වැඩිවෙලා නිසයි බිත්තරයක මිල වැඩි වෙන්නේ කියලා. ඒක අමූලික බොරුවක්. මම වගකීමෙන් කියන්නේ සත්ව ආහාර මිල අඩුවෙලයි තියෙන්නේ. බිත්තරයක් රුපියල් 30ට දෙන්න පුළුවන්.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment