පාරිභෝගික දඩ මුදල් වැඩිකර ගැනීමේ පනත විවාදයට

145


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී ආරම්භවිය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටියේ‍ල පාරිභෝගික පනත ආරම්භ කළ දින සිට ඉදිරිපත් කරන පළමු සංශෝධනය මෙය බවය.

යම් භාණ්ඩයක් සඳහා පාලන මිලක් පැනවුවහොත් ඒ පාලන මිලට වැඩියෙන් යම් කෙනෙක් අලෙවි කරනවා නම් ඒ සඳහා දැනට තියෙන රු 10,000 දඩය ලක්ෂයක් දක්වා වැඩිකිරීම ඇතුළු දඩ මුදල් ඉහළ යෑමේ පනත පාර්ලිමේන්තුවේ දී විවාද කර සම්මත කරගැනීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment