පාරේ නැත්තේ නැව් විතරයි… ලොක්ඩවුන් නිසි ඵල ගන්න විද්‍යානුකූලව රට වහන්න

157

මාර්ගයට පැමිණියහොත් නෞකා හැර අන් සෑම වාහනයක්ම මාර්ගයේ ගමන් කිරීම දැක ගන්නට ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ඊයේ (27 දා* පැවසීය.

 නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කිරීමේ නිසි ප‍්‍රයෝජනය ගන්නට නම් එය විද්‍යාත්මක රට වැසීමක් බවට පත්විය යුතු බව ද ඒ මහතා පැවසීය.

 රට විවෘත කර තිබෙනවා හා සමානව ජනතාව මහා මාර්ගයට පැමිණෙන්නේ නම් එය සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වන ‘ලොක්ඩවුන්’ කිරීමක් නොවන බව කී විජයවර්ධන මහතා වෛරසය පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් හැකිතාක් ජනතාව නිවෙස්වල රඳවා තැබීම අවශ්‍යයෙන්ම කළ යුතු බව ද කීවේය. මහා මාර්ගයට පැමිණියහොත් නෞකා හැර අන් සෑම වාහනයක්ම මාර්ගයේ ගමන් කරන අයුරුත් ජනතාව ද පෙර පරිදිම මහා මාර්ගයේ සැරිසරණ අයුරුත් දැක ගත හැකි බැවින් රජය මේ ගැන වහාම මැදිහත් විය යුතුව ඇතැයි ද ඔහු කීවේ ය.

 එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ද විද්‍යාත්මක රට වැසීමක් ඉල්ලා සිටි බවත්, කඩා වැටෙන ආර්ථිකය වෙනුවෙන් ගත යුතු ක‍්‍රියාමාර්ග යෝජනා කළ බවත් විජයවර්ධන මහතා සඳහන් කළේ ය. කොවිඞ් ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව අවම කර ගැනීම වෙනුවෙන් විද්‍යාත්මක රට වැසීමක් අවශ්‍ය බව ද නියෝජ්‍ය නායකවරයා කියා සිටියේය. දීර්ඝ කළ නිරෝධායන ඇඳිරි නීතිය අර්ථවත් කර ගැනීමට නම් එය විද්‍යාත්මක ඇඳිරි නීතියක් බවට පරිවර්තනය කර ගත යුතුව ඇතැයි ද රුවන් විජයවර්ධන මහතා කියා සිටියේ ය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment