පාලකයන්ගේ පව් ජනතාව පිට පටවන මේ ආණ්ඩුවට කිසිම සමාවක් දෙන්න එපා

209

ඇල්ලේ ගුණවංශ හිමි

එළැඹෙන ඡන්දය තිත්තයාගේ වාරයයි, ඉන් නිසි ඵල ගනිමු

හැත්තෑහතර වසරක් රට පාලනය කළ දේශපාලකයන්ගේ වංචා, දූෂණ සහ අක්‍රමිකතා විදුලි බිල නැවත නැවත වැඩි කිරීම තුළින් ජනතාව පිට පැටවීමට ක්‍රියාකරනු ලබන වත්මන් ආණ්ඩුවට කිසිදු සමාවක් දිය නොහැකි බව ඇල්ලේ ගුණවංශ හිමියෝ ‘දිවයින’ ට ඊයේ (10 දා) ප්‍රකාශ කළහ.

කොකාට වාරයක් එන්නේ නම් තිත්තයාට ද වාරයක් එන බවත්, දැන් පැමිණ ඇත්තේ තිත්තයාගේ වාරය නිසා එය වරදා නොගැනීම ‘තිත්තයා’ සතු වගකීමක් වනු ඇතැයි ද සඳහන් කළ උන්වහන්සේ ළඟ එන ඡන්දයේදී ජනතාව විසින් උක්ත කරුණ පිළිබිඹු කිරීම රටේ ඉදිරි අනාගතයට අතිශය වැදගත් වනු ඇතැයි ද පැවසූහ.

විදුලිබල ඇමැතිවරයාට ජනතාව පිළිබඳව තෙතමනයක් නැහැ. දැන් ඡන්දයක් එනවා. හැමදාම ජනතාව රැවටෙන්නේ නැහැ. විදුලි බිල සම්බන්ධව කැබිනට් අනුමැතිය අරගෙන ඉදිරියේදී කුමක් ද කරන්න යන්නේ කියලා ජනතාවට අමුතුවෙන් කිව යුතු නැහැ යැයි ද ඇල්ලේ ගුණවංශ හිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment