පාලකයන්ට අධිආරක්‍ෂාව සහ අධිපෝෂණය: ජනතාවට ඉතුරු මන්දපෝෂණය පමණයි

282

මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි

මීට වසර 2300 කට පෙර මිහිඳු මහරහතන් වහන්සේ ඓතිහාසික මිහින්තලාවට වැඩම කර දඩයමේ පැමිණි පිරිසකට ධර්මය අවබෝධ කරමින් සියලුම දෙනාට නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි ‘භාරකාර සංකල්පය’ මිහින්තලා පුදබිමෙන් ආරම්භ කළ බවත් වර්තමානයේ රටට අත්ව ඇති ඉරණම සඳහාද එවැනි ීහිඑැප ජය්බටැ එකක් සඳහා කාලය එළඹ ඇති බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.

මිහිඳු මහරහතන් වහන්සේගේ වසර දෙදහස් දෙසීය අසූ දෙකක් (2282ක්) ගතවන පරිනිර්වාණය නිමිති කරගෙන පෙරේදා (2දා) ඓතිහාසික මිහින්තලා පුදබිමේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව අනුශාසනාවක් කළ උන්වහන්සේ මෙසේද පැවසූහ.

“නිදහස ලැබීමේ සිට අද දක්වා බලන විට අප අගාධයට යමින් සිටිනවා. වර්තමානයේ ආණ්ඩු කරවන ඇත්තෝ සහ ආණ්ඩු කරපු ඇත්තෝ සියලු දෙනා මීට වගකිව යුතුයි. ඒ සියලු දෙනාට අධිආරක්ෂිත කලාප මෙන්ම අධිපෝෂණයත් තිබෙනවා, ඒත් සාමාන්‍ය ජනතාවට ඉතුරු වෙලා තියෙන්නෙ මන්දපෝෂණය පමණයි.

ආර්ථික ඝාතකයන් ලෙස ජාත්‍යන්තරය විසින් හඳුන්වා දී තිබෙන මෙරට නායකයන් විවිධ වෙස් ගෙන ඔබ ඉදිරිපිටට පැමිණියද ඊට නොරැවෙටෙන ලෙස මම රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම එල්ටීටීඊ ත්‍රස්තවාදය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද රට විනශ කිරීමට වගකිවයුතු වනවා. අධිආරක්ෂිත කලාප නම් කරමින් වංචනිකයන් ආරක්ෂා කිරීම වෙනුවට රටේ භාරකාරයා ලෙස ජනාධිපතිවරයා සිදු කළ යුත්තේ ජනතාව ආරක්ෂා කිරීමයි.”

මෙම මිහිඳු හිමි පරිනිර්වාණ සැමරුම සඳහා වැඩම කර සිටි පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි, පන්නල සුමනවංශ, වැලිමඩ සද්ධාසීල යන නාහිමිවරු එහිදී ආගමික වැඩසටහන් සිදු කළහ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment