පාලකයන්ට රට පනින්න ඉඩ නොදෙනු – ‘ජනතා නීතිඥයෝ’ නීතිපති දෙපාර්තමේන්තුව වටලති

491

වත්මන් රජයේ පාලනය හමුවේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතා පෙළගැස්මට සහය පළ කරමින් ‘ජනතා නීතිඥයෝ’ සංවිධානය ඊයේ (05දා) කොළඹ අලූත්කඬේ උසාවි සංකීර්ණය ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වීමෙන් අනතුරුව විරෝධතාකරුවෝ නීතිපති දෙපාර්තමේන්තුව වෙත ගමන් කළහ.

මෙහිදී ‘නීතිපති මේ අහන්න ජනතාවගේ හඬට සවන් දෙන්න’ යන සටන්පාඨ කියමින් ඔවුන් උද්ඝෝෂණයේ නිරත වී සිටින අයුරු දක්නට ලැබිණි. විවිධ වංචා දූෂණවලට සම්බන්ධවූවන්ට එරෙහි නඩු ඉල්ලා අස්කිරීමට හේතු සපයන ලෙසත් බලකරමින් නීතිඥයෝ සංවිධානය නීතිපති දෙපාර්තමේන්තුව වැටලූහ. එසේම වත්මන් පාලකයන් විදෙස් ගතවීම වළකන ලෙසත් ජනතාවට සහය පළ කරන ලෙසත් බල කරමින් විරෝධතාවයේ නිරත වූ පිරිස කීහ. ජනතා අප‍්‍රසාදය ඇතිවන ලෙස නීතිය කි‍්‍රයාත්මක නොකරන්නැයි ද විරෝධතාකරුවෝ පැවසූහ. එහිදී නීතිපති වෙනුවට ඉදිරිපත් වූ අතිරේක සොලිසිටර් ජනරාල් චේතිය ගුණසේකර මහතා මෙම ගැටලූව පිළිබඳව ලිඛිතව දන්වන ලෙසත් හෙට දිනයේදී මෙයට පිළිතුරු සපයන බවත් විරෝධතාකරුවන්ට පැවසීය. අනතුරුව විරෝධතාකරුවෝ එම ස්ථානයෙන් පිටවී ගියහ.
සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment