පාලනයෙන් ගිලිහුණු ලොරිය කඩයක් තුළට කඩාවැදී දෙදෙනෙක් මරුට සිව්දෙනකුට බරපතළයි

511

ගාලු – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉඳුරුව දුම්රිය ස්ථානය අසල පෙරේදා (17 දා) රාත්‍රී 8.30 ට පමණ සිදුවූ රිය අනතුරකින් වෙළෙඳසැල් හිමිකරුවකු හා වයස්ගත කාන්තාවක් මියගිය අතර සිව්දෙනකු දැඩි ලෙස තුවාල ලබා රෝහල්ගත කෙරිණි.

ගාල්ල දෙසින් පැමිණි ලොරි රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් වෙළෙඳ සැල තුළට ඇතුළුවීම නිසා එහි හිමිකරු වන වයස අවුරුදු 44 ක් වන දෙදරු පියකු එම ස්ථානයේදීම මියගොස් ඇත. පාරෙහි ගමන් ගත් වයස්ගත කාන්තාවක්ද, ලොරි රථයේ ගැටීම නිසා එම ස්ථානයේදීම මියගොස් තිබේ.

රථයේ රියදුරු සහ එහි ගමන් ගත් තවත් දෙදෙනකු මෙන්ම වෙළෙදසැල් හිමිකරුගේ බිරිඳ මෙම අනතුරින් තුවාලලබා රෝහල් ගතකර ඇත. වෙළෙඳසැලටද විශාල ලෙස හානි සිදුව තිබේ. කොස්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

බෙන්තොට – දර්ශන කරුණාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment