පාලන මිල ඉක්මවා සහල් විකුණන  වෙළෙඳසල් වටලනවා – පාරිභෝගික අධිකාරිය

159

පාලන මිල ඉක්මවා සහල් අලෙවිකරන වෙළෙඳසල් වැටලීමේ මෙහෙයුම් අරඹා ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (04 දා) පැවසීය.

වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධ නඩු පැවරීමේදී වරදකරු වන තනි පුද්ගල ව්‍යාපාරයකට අවම රුපියල් ලක්ෂයක හා උපරිමය රුපියල් ලක්ෂ පහක දඩයක් අධිකරණයට නියම කළ හැකි බව ද හෙතෙම කීය.

පුද්ගලික සමාගමක් පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළහොත් රුපියල් ලක්ෂ 5ත්, රුපියල් මිලියන 5 ත් අතර දඩ මුදලක් නියම කිරීමට අධිකරණය ට බලයක් ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය
 

advertistmentadvertistment
advertistmentadvertistment