පාලවිය ගුවන් හමුදා කඳවුරේ අතරමංවූ තිත් මුවපැටවා වනජීවියට

89

මුව රැළකින් අතරමං වූ මාස හතරක් පමණ වන තිත් මුව පැටවකු පුත්තලම පාලවිය ගුවන් හමුදා කඳවුර භූමියේ සිටියදී ගුවන් හමුදා නිලධාරීන් විසින් ආරක්ෂිතව අල්ලා පුත්තලම වනජීවී පාලන ඒකකයේ නිලධාරීන්ට භාරදීමට කටයුතු කර තිබුණි.

මෙම තිත් මුව පැටවා මවගෙන් හා මුව රැළකින් කිසියම් හේතුවක් නිසා මඟහැරී ගුවන් හමුදා කඳවුර තුළට පැමිණ ඇති බව පැවසේ.

වනජීවී පාලන ඒකකයේ නිලධාරීන් විසින් මෙම මුව පැටවා නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයට භාර දීමට කටයුතු කර තිබුණි.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment