පාසල්වල ජල බිල්පත දෙමාපියන්ගෙන් අය කරන්න

198

*ඉල්ලීම ජල මණ්ඩලයෙන් – අධ්‍යාපන ලේකම්

 පාසල්වල ජල බිල්පත දෙමාපියන්ගෙන් අයකර  ගෙවන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් චක‍්‍රලේඛයක් නිකුත් කර නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘දිවයින’ ට ඊයේ (13 දා) පැවසීය.

 එම ඉල්ලීම ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් සිදුකර ඇති බවත් එය අධ්‍යාපන ඇමැතිවරයා හෝ අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කිරීමකින් තොරව සිදුවී ඇති බවත් ලේකම්වරයා කීවේය.

 පාසල්වලට ජලය ලබාදීම නිසා ජල සම්පාදන මණ්ඩලයට රුපියල් මිලියන 120 ක පමණ වැයක් දැරීමට සිදුව ඇති බවත් ජලය අපතේ යෑම්, පාසල් නළ පද්ධතියෙන් වෙනත් පිරිස් ජලය ලබා ගැනීම්, ජලය විකිණීම් ඇතුළු අක‍්‍රමිකතා හෙළිවීම නිසා එය ක‍්‍රමවත් කිරීමට පාසල්වල ජල බිල්පත මාසිකව ලබාගැනීමේ අපේක්ෂාවෙන් ජලසම්පාදන මණ්ඩලය එය සිදුකර ඇති බවට වාර්තා වී ඇතැයිද ලේකම්වරයා කීවේය.

 කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජල සම්පාදන මණ්ඩලයෙන් සාකච්ඡුාවක් ලද වහාම මැදිහත්ව සාකච්ඡුා කර සුදුසු ක‍්‍රියාමාර්ගයක් ගැනීමට එකඟතාවකට පැමිණෙන බව ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය. මේ වනතෙක් පාසල්වල ජල බිල්පත ගෙවීම මහා භාණ්ඩාගාරය මගින් සිදුකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment