පාසල්වල වැඩිපුරම හිටියේ පොලිසියේ අය… ස්ටාලිං කියයි

178

පාසල් ආරම්භ කළත් ගුරු – විදුහල්පති සහ දරුවන් වෙනුවට ඊයේ (21 දා) පාසල්වලට වැඩිවශයෙන් පැමිණ සිටියේ පොලිස් නිලධාරීන් සහ අභ්‍යාසලාභී උපාධිධාරීන් කිහිපදෙනකු යැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං මහතා පැවසීය.

ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන්, ආණ්ඩුකාරවරුන් ඇතුළු විවිධ පාර්ශ්ව මගින් ගුරු – විදුහල්පතිවරුන්ට තර්ජනය කර බියවැද්දවීම් තුළින් පාසල්වලට ගෙන්වා ගැනීමට උත්සාහ කළත් ගුරු – විදුහල්පතිවරුන් ඒවාට බියනොවී වැඩ වර්ජනය සාර්ථක කිරීමට සහය ලබාදී තිබූ බවද ස්ටාලිං මහතා පැවසීය.

ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා මේ වනවිට කැබිනට් අනුකමිටුව මගින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බවත් එම නිර්දේශ එකවර කි‍්‍රයාත්මක කරන ලෙස ගුරු – විදුහල්පති සංගම්වල ඉල්ලීම බවත් ඒ මහතා කීය.

පාසල් ආරම්භ කිරීම අදියර 04 කින් සිදුකරන බවත් පළමු අදියර පටන් ගත්තද සිව්වැනි අදියර පටන් ගන්නා විට තම ගැටලූවට විසඳුමක් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එසේ නොවන්නේ නම් නැවත වරක් ගුරු – විදුහල්පති විරෝධතා ආරම්භ කරන බවත් ස්ටාලිං මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment