පාසල්වල සියලූ ශ්‍රේණි ආරම්භ කිරීමේ තීරණය කොවිඞ් කමිටුව අතේ

105

පාසල්වල සියලූම ශ්‍රේණි ආරම්භ කිරීමට ජනාධිපතිවරයා විදෙස්ගතව සිට පැමිණීමෙන් පසු කොවිඞ් කමිටුවේදී සාකච්ඡුා කර තීරණයක් ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

දිවයිනේ සියලූම පාසල්වල ප‍්‍රාථමික ශ්‍රේණි (01-05) මේ වනවිට ආරම්භ කර තිබෙන අතර කොවිඞ් කමිටු නිර්දේශ මත නොවැම්බර් 08 වැනිදා සියලූම පාසල්වල 10,11,12 සහ 13 ශේ‍්‍රණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

සියලූම පාසල්වල 06 ශ්‍රේණියේ සිට 09 වන ශ්‍රේණි දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඞ් කමිටුවේදී තීරණයක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

නොවැම්බර් 14 වැනිදා ශිෂ්‍යත්ව විභාගයත්, නොවැම්බර් 15 වැනිදා සිට උසස් පෙළ විභාගයත් පැවැත්වීමට නියමිතව තිබුණ ද එම විභාග 2022 මුල් කාර්තුවේ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය අදහස් කර ඇත. එම විභාග බොහෝදුරට පෙබරවාරි මාසයේ පැවැත්වෙනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment