පාසල්වල 6, 9 ශ්‍රේණි ලබන සතියේ විවෘත වෙයි

133

පාසල්වල මෙතෙක් ආරම්භකොට නොමැති සෙසු ශ්‍රේණි ලබන සතියේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (15 දා) පැවසීය.

මේ වන විට ගුරුවරුන් දෙලක්‍ෂ හතළිස් දහසකට කොවිඞ් මර්දන එන්නත් දෙකම ලබාදී ඇතැයි පැවසූ ඇමැතිවරයා එම නිසාම මේ වනවිටත් පාසල්වල ප‍්‍රාථමික අංශ සහ ඉහළ පන්ති සියල්ලම නැවත විවෘත කිරීමට හැකිවූ බවද අයවැය විවාදයේ අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේය.

පසුගිය ඔක්තෝබර් මස 01 දා සෞඛ්‍ය නීති ලිහිල් කිරීමෙන් පසුවත් වසා තිබූ පාසැල් නැවත විවෘත කිරීමට හැකිවීම සතුටට කරුණක් බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

අකිත පෙරේරා- රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment