පාසල් අද ඇරැඹෙයි

164

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද  (07 දා) සිට යළි ආරම්භ කෙරේ.

පාසල් විවෘතකර පවත්වාගෙන යෑමේදී සිසුන් සංඛ්‍යාව මත කාණ්ඩ වශයෙන් සිසුන් කැඳවීමේ තීරණය විදුහල්පතිවරුන් වෙත පැවරෙන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

පන්ති කාමරයේ සිසුන් 20 ට අඩු පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමටත්, සිසුන් 20 ට වැඩි පන්ති කාණ්ඩ වශයෙන් ගෙන්වා ගැනීමටත් හැකි බව ලේකම්වරයා කීය. සිසුන් 40 ට වැඩි සංඛ්‍යාවක් සිටීනම් ඔවුන් කාණ්ඩ 03 කට වෙන්කර පන්ති පැවැත්විය යුතුය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment