පාසල් අද ඇරැඹෙයි

106

දිවයිනේ සියලූම රජයේ සහ රජයේ අනුමත පාසල් අද (03 දා) ආරම්භ කෙරේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පාසල් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උපදෙස් ලබා දී ඇත.

2021 පාසල් නිවාඩුව දින 10 කට සීමා වී තිබිණි. පාසල් විවෘත කිරීමෙන් පසු දරුවන් විදුහලට කොටස් වශයෙන් ගෙන්වනවාද නැද්ද යන්න තීරණය කිරීමට විදුහල්පතිවරුන්ට බලය ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මේ අතර රාජ්‍ය අංශයේ සියලූ සේවකයන් අද (03 දා) සිට කැඳවීමට ද රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment