පාසල් අද සිට  සතියේ දින පහේම

81

රජයේ හා රජයේ අනුමත සියලු පාසල් අද  (15 දා) සිට සතියේ දින පහේම සාමාන්‍ය පරිදි පැවැත්වෙයි. ඒ අනුව පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පාසල් පැවැත්වෙනු ඇත.

ප්‍රවාහන අපහසුතා සහිත ප්‍රදේශවල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් සඳහා සුදුසු ප්‍රවාහන වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා සියලුම පළාත් බලධාරීන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.

පාසල් ආරම්භ වන සතිය තුළ ප්‍රවාහන අපහසුතා තවදුරටත් බලපාන ගුරුවරුන් සහ සිසුන් සඳහා විදුහල්පතිවරුන් විසින් සුදුසු පරිදි සහන ලබාදිය යුතු අතර, එම සහන ලබාදිය යුතු ක්‍රමවේද පිළිබඳ පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් විසින් විදුහල්පතිවරුන් දැනුවත් කරනු ලබයි.

ඉදිරි තෙමසක කාලය තුළ, පාසල් කාලය විෂයය ඉගැන්වීම් සඳහාම යොදාගත යුතු අතර විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් පාසල් කාලයෙන් පරිබාහිරව සිදුකිරීමටත්, පාසල්වල පැවැත්වෙන උත්සව ආදිය තවදුරටත් සීමා කිරීමටත් වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment