පාසල් අද සිට සාමාන්‍ය පරිදි

107

රජයේ සහ රජයේ අනුමත පාසල්වල සියලූම සිසුන් සාමාන්‍ය පරිදි අද (14දා) සිට කැ`දවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පාසල්වලට අනුමැතිය ලබාදී ඇත.

ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් චක‍්‍රලේඛයක් නිකුත් කරමින් උපදෙස් දී තිබේ.

පසුගිය වාරයේ නිවාඩු ලබාදෙන විට කොරෝනා තත්ත්වයේ වැඩිවීමක් පැවැති අතර එය සැලකිල්ලට ගෙන මේ වාරයේ පාසල් ආරම්භ කරද්දී සිසුන් කාණ්ඩ වශයෙන් පාසල්වලට කැ`දවීමට තීරණය කළ බව ලේකම්වරයා කීය.

එහෙත් මේ වනවිට කොරෝනා සම්බන්ධයෙන් විශාල ගැටලූවක් නොමැති බව පෙනීගොස් ඇති නිසා සියලූම සිසුන් පාසල්වලට කැ`දවීමටත් යම් ගැටලූවක් පවතී නම් කලාප අධ්‍යක්‍ෂවරුන් සමඟ සාකච්ඡුා කර අවශ්‍ය උපදෙස් ලබාගන්නා ලෙසටත් උපදෙස් දුන් බවද ලේකම්වරයා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment