පාසල් අරිනවා මෙන්ම කොවිඞ්වලින් ආරක්‍ෂා වීමත් වැදගත්

77

* වෛද්‍ය නවීන් ද සොයිසා

කොවිඞ් තත්ත්වය යටතේ පාසල්වල සියලූ ශ්‍රේණි විවෘත කරමින් නව සාමාන්‍යකරණයට පිවිසීමේදී දරුවන්ට, ගුරුවරුන්ට සහ දෙමාපියන්ට සෞඛ්‍ය මාර්ගේපදේශ ආරක්‍ෂා කිරීමට විශාල වගකීමක් ඇතැයි රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛi නවීන් ද සොයිසා මහතා ‘දිවයින’ට ඊයේ (17 දා) පැවැසීය.

පාසල්වල සියලූ ශ්‍රේණි විවෘත කරනවා වගේම කොවිඞ් රෝගය බෝ නොවීමෙන් ආරක්‍ෂා වීමත් එකසේ වැදගත් බවද වෛiවරයා පැවැසීය. ප‍්‍රදේශ කිහිපයක පාසල් ගුරුවරුන් සහ සිසුන් පිරිසක් මේ වන විට කොවිඞ් රෝගයට ගොදුරුව ඇතත් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පාසල්වල සියලූ ශ්‍රේණි විවෘත කිරීම සෞඛ්‍ය අංශ අධීක්‍ෂණය යටතේ සිදුකෙරෙන බවද හෙතෙම සඳහන් කළේය. පාසල් විවෘත කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සෑම ප‍්‍රදේශයකම සෞඛ්‍ය වෛi නිලධාරීන් දැනුවත් කර ඇති නිසා අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිපදිමින් සහ ඒවා ආරක්‍ෂා කරමින් පාසල් පවත්වාගෙන යමින් නව සාමාන්‍යකරණයට පිවිසීම මේ මොහොතේ රටට වැදගත් බවද ඒ මහතා කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment