පාසල් ඇරියත් ඔන්ලයින් ඉල්ලන ළමයි… මව්පියන්ටත් පීඩනයක්

1362

කොවිඞ් වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ ලොව පුරා පාසල් බොහොමයක් වසා දැමීමට සිදුවූයේ” පාසැල් සහ අධ්‍යාපන ආයතන පිරිස් එක්රැස් වන ප‍්‍රධාන ස්ථානයක් වන නිසාය. කොවිඞ් මුල් අදියරයන්හිදී වරින් වර පාසල් විවෘත කළ ද ඉන්පසුව කාලයක් පාසැල් වසා දැමීමත් සමඟ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා එය විශාල ගැටලූවක් බවට පත්විය. කොවිඞ් වසංගතය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙමින් ආර්ථික සමාජයීය” ආගමික” දේශපාලනික අධ්‍යාපනික ආදී සෑම ක්ෂේත‍්‍රයකටම බලපෑම් කරයි. තවමත් වසංගතය ව්‍යාප්තියේ අවධානම අඩු වී නොමැත.

නමුත් දිගින් දිගටම රට වසා තැබීම හෝ පාසල් වසා තිබීම කොවිඞ් වසංගතයට විසඳුමක් නොවෙන නිසා” දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ක‍්‍රම ක‍්‍රමයෙන් යථාවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සහ අධ්‍යාපන බලධාරීන් එක්ව ගත් තීරණයකට අනුව පසුගිය 21 දා දිවයින පුරා සිසුන් 200ට අඩු පාසල් 5106ක ප‍්‍රාථමික අංශ ආරම්භ කෙරුණි.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සියලූ පාසල් විවෘත කිරීම සිදුකළ අතර පාසල් අසල විශේෂ පොලිස් ආරක්ෂාවන්ද යොදවා තිබුණි.

ගුරු විදුහල්පතිවරුන් සැලකිය යුතු ප‍්‍රමාණයක් පාසල්වලට පැමිණියත් ඔවුහු පැමිණීමේ ලේඛනවලට අත්සන් කිරීමෙන් වැළකී සිටියහ. නමුත් පැමිණි ගුරුවරුන් සියල්ලන්ම දරුවන් වෙනුවෙන් ඉගැන්වීම් කටයුතු සිදු කරනු දැකගත හැකි විය.

එමෙන්ම අදියර කිහිපයක් යටතේ නව ක‍්‍රමවේදයකට අනුව සියලූම පාසැල් ක‍්‍රමක‍්‍රමයෙන් ආරම්භ කරන බව අධ්‍යාපන ලේකම්වරයා පවසයි. මේ අවස්ථාව ප‍්‍රයෝජනයට ගෙන චකිතයකින් තොරව දරුවා පාසල් එවන ලෙස ද අධ්‍යාපන ලේකම්වරයා දෙමවුපියන්ගෙන් ඉල්ලා සිටියි.

කොවිඞ් වෛරසයේ ව්‍යාප්තියත් සමඟ පාසල් වසා දැමුණත් එලෙස ළමයින්ගේ පාසල් ගමන අතරමඟ නවතා දැමීම කොවිඞ් රෝගයටත් වඩා බරපතළ තත්ත්වයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික‍්‍රමසිංහ මහතා පෙන්වාදෙයි. දරුවන් නිවෙස් තුළටම වී දුරස්ථ අධ්‍යාපනය ලැබීමේ ආදීනව සියල්ලන්ටම විඳීමට සිදුවන්නේ තවත් වසර පහ හයකින් පසුව නිසා හැකි ඉක්මනින් පාසල් සියල්ල නැවත ආරම්භ කිරීම අත්‍යවශ්‍යම බවද වෛද්‍යවරයා කියා සිටියේය.

කොවිඞ් ව්‍යාප්තිය වඩාත් දරුණු ලෙස සිදුවෙද්දී වරින්වර පාසල් වසා දැමීමට සිදුවීම හා මාර්ගගත ක‍්‍රමයට අධ්‍යාපනය ලැබීමට සිදුවීම නිසා දරුවන්ට බොහෝ ගැටලූ ඇති වූ බව නොරහසකි. මාර්ගගත ක‍්‍රමය හඳුන්වා දුන්නද අන්තර්ජාලයට ප‍්‍රවේශ වීමට උපකරණ සපයා ගැනීමේදී දුරකථන සබඳතාවයන්වල බොහෝ ගැටලූ ඇති විය.

පන්තිකාමරයේ හිතමිතුරන් හා ගුරුවරුන් සමඟ මුසු වූ ළමයා මාර්ගගත ක‍්‍රමයට අධ්‍යාපනය ලැබීමට සිදුවීමත් සමඟ නිවෙස් තුළ අන්තර්ජාලය හා තාක්ෂණය සමඟ හුදෙකලා විය. ගුරු වර්ජනය ආරම්භ වූ පසු මාර්ගගත ක‍්‍රමයට අධ්‍යාපනය ලැබීමට දරුවන්ට ඇති අවස්ථාවද ගිලිහී ගියේය.

නමුත් දෙමාපියන් කොවිඞ් වසංගතය ආරම්භ වූ අවධියේම කනකර පවා උගස් කොට දරුවන්ට මිලදී ගෙන දුන් ජංගම දුරකථන” ටැබ් සහ පරිගණක භාවිතය නතර වූයේ නැත. මාර්ගගත ක‍්‍රමයට අධ්‍යාපනය ලබනවා වෙනුවට ඔවුහු ජංගම දුරකථන සහ නවීන තාක්ෂණය පිළිබඳව බොහෝ දේ සොයා යන්නට මේ කාලසීමාව භාවිත කළහ. එහි ප‍්‍රතිඵලයක් ලෙසින් අන්තර්ජාල ක‍්‍රීඩා” විවිධ වෙබ් අඩවි සමාජ ජාලා භාවිත කරන ළමයින් සංඛ්‍යාව ද ප‍්‍රතිශතයක් ලෙස ඉහළ ගියේය.

අන්තර්ජාලයට ඇබ්බැහිවීමෙන් ළමයින් අනතුරේ දිවා රෑ නොමැතිව එකිනෙකා පරයමින් ඔන්ලයින් ගේම්වලට ඇබ්බැහි වූ දරුවන් කිහිප දෙනෙකුටම ජීවිතය පවා අහිමි වීමේ කනගාටුදායක පුවත් කිහිපයක්ම පසුගිය කාල වකවානුව තුළ අපට වාර්තා විය.

තාක්ෂණය පිළිබඳ හයක් හතරක් නොදන්නා අසරණ දෙමාපියන් නොකා නොබී හෝ දරුවන්ට ජංගම දුරකථනයක් මිලදී ගෙන දුන්නේ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අත්වැලක් වනු පිණිසය. නමුත් මාර්ගගත අධ්‍යාපනය නැවතී ගියද ජංගම දුරකථන සහ තාක්ෂණය අවභාවිත වීමේ සිදුවීම් ප‍්‍රමාණාත්මක ලෙස ඉහළ ගියේයි අන්තර්ජාලය තුළ සැරිසරමින් ප‍්‍රචණ්ඩත්වය” ලිංගිකත්වය හුවාක්වන දර්ශන නැරඹීම” විවිධ පුද්ගලයින් සමඟ සංවාද ගොඩනඟා ගනිමින් අනිසි සබඳතාවලට ගොදුරු වීම ආදිය ජංගම දුරකථන සහ අන්තර්ජාල අවභාවිතයේ ප‍්‍රතිඵලවලින් කිහිපයකි.

මේ අතර අන්තර්ජාලයට ඇබ්බැහි වූ ළමයින්ට මානසික ගැටලූ රැසක් ඇතිව තිබෙන බවත් එම නිසා ඉදිරියේදී පාසල්වලට පැමිණෙන දරුවන්ගේ සංඛ්‍යාව පෙරට වඩා අඩුවිය හැකි බවත් කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හා යොවුන් මනස පිළිබඳව විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවාය. දුෂ්කර ප‍්‍රදේශවල සිටින දරුවන් සහ උසස් පෙළ සාමාන්‍ය පෙළ විභාගවලට මුහුණ දීමට සිටින දරුවන් මෙම තත්ත්වයට වැඩිපුර ගොදුරු වී ඇති බවද වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.

යළිත් පාසල් විවෘත කිරීමට තීරණය කළද ශිෂ්‍යයන් යථා තත්ත්වයට ගැනීම ගුරු” විදුහල්පතිවරුන්ට දෙමාපියන්ට මෙන්ම ශිෂ්‍යයන්ට ද මහත් පරිශ‍්‍රමයක් දැමීමට සිදුවනු ඇත.

පාසල් නැවත ආරම්භ වුවද දරුවන් හුරුපුරුදු ලෙස විෂයය සමගාමී හා විෂයය බාහිර ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ වේද යන්න ගැටලූවකි. ළමයින්ට ඇතිවී තිබෙන දැඩි මානසික පීඩනය කොවිඞ් නිසා ඇති වූ බිය” විභාග භීතිකාව වැනි කාරණා නිසාත්” වසර දෙකකටත් වැඩි කාලයක් නිවෙස් තුළම හුදෙකලාවී සිටීම නිසාත් දරුවන් අකාර්යක්ෂමව සිටියි.

වසර දෙකකටත් වැඩි කාලයක් ඔවුන් පුහුණු වූයේ නිවෙස් තුළ හුදෙකලාව දුරකථනය ඉදිරිපිට සිට ඉගෙනුම ලැබීමටය. එසේත් නොමැති නම් පරිගණක ක‍්‍රීඩාවල යෙදෙමින් කාලය ගත කිරීමට ය.

පාසල් ආරම්භ වුවත් කොවිඞ් නිසා මිතුරන් සමඟ සමීපව ආශ‍්‍රය කිරීමට” ඔවුන් සමඟ ක‍්‍රීඩා කිරීමට” බෙදාහදා ගැනීමට වෙනදා මෙන් අවස්ථාවක් නොලැබී යයි. නිවෙස් තුළ හුදෙකලා වීමේ ප‍්‍රතිඵලයක් ලෙස මුලූ ගැන්වීම” අධික කේන්තිය” අලස බව වැනි ලක්ෂණද ළමයින් තුළින් දැකගත හැකි වේ.

ඒ නිසා පාසල් ආරම්භ කළ ද වසංගතය ආරම්භයට පෙර සිටි කාර්යක්ෂම දරුවන්ම බලාපොරොත්තු විය නොහැකිය. ගුරුවරුන්ට” දෙමාපියන්ට මෙන්ම දරුවන්ට ද දරුවන්ව යථා තත්ත්වයට ගැනීමට ඉවසීමෙන් මහත් පරිශ‍්‍රමයක් දැරීමට සිදුවනු ඇත.

ළමයින් දැඩි මානසික පීඩනයක.

පාසල් යාමට නොහැකි වීම නිසාත්” නිවෙස් තුළ ඒකාකාරී වීම නිසාත් කොවිඞ් වසංගතයට ඇති බිය හේතුවෙනුත් දරුවන් දැඩි මානසික පීඩනයකින් පසුවන බව බොහෝ වෛද්‍යවරුන් පෙන්වා දෙයි. පාසැල තුළ විධිමත් හා අවිධිමත් යන විධික‍්‍රම සියල්ලෙන්ම අධ්‍යාපනය ලැබුණත් වසර දෙකකට වැඩි කාලයක් ඒ සියල්ල නොලැබී යාමත් සමඟ පාසලේ මෙන් ගුරුවරු” යහළු යෙහෙළියන් හමු නොවේ. එබැවින් එම දරුවන්ට පාසලෙන් ලැබෙන ‘මනෝ සමාජීය පරිසරය‘ අහිමි වීම නිසා දරුවන් දැඩි මානසික පීඩාවකට පත්ව තිබේ.

මේ තත්වයත් සමඟ ලංකාවේ ශික්ෂණ රෝහල්වල ළමා සහ යොවුන් මනස පිළිබඳ සායන වෙත පැමිණෙන දරුවන් සංඛ්‍යාව කොරෝනාවලට කලින් තත්ත්වයට වඩා 20%කින් පමණ වැඩිව ඇති බවට සෞඛ්‍ය අංශ තොරතුරු සපයයි. එපමණක් ද නොව කොවිඞ් කාලවකවානුව තුළ දරුවන්ට විශාදය” කාන්සාව වැනි මානසික රෝගාබාධ වැළඳීමේ දැඩි අවදානමක්ද ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

ඒ නිසා දරුවන් පිළිබඳ වඩාත් විමසිල්ලෙන් සහ අවධානයෙන් පසුවිය යුතු බවත් ඔවුන් ක‍්‍රීඩාවලට” විනෝදාස්වාදයන්ට සහ අධ්‍යාපන කටයුතුවලට යොමු කරවිය යුතු බවත් සෞඛ්‍ය අංශ දෙමව්පියන්ට දැනුම් දෙයි.

මානසිකව වගේම කායිකවත් ළමුන් රෝගීන් වෙලා නිවෙස් තුළටම වී සිටින දරුවන් ඒකාකාරී ජීවිත රටාවක් ගෙවන නිසා ඔවුන්ට වෙනදා ලැබෙන ව්‍යායාම ලැබෙන්නේ නැත. පරිගණක හෝ ජංගම දුරකථනය දෙස නිරන්තරයෙන් බලා සිටීම නිසා දෑස්වලද ආබාධ ඇතිවිය හැකිය.

එලෙසම ව්‍යායාම නොමැති වීමත් රිසිසේ පාලනයකින් තොරව ආහාර ගැනීමත්” කෙටි කෑමවලට ඇබ්බැහි වීමත් වැනි දේවල් නිසා දරුවන්ගේ ශරීරය අනවශ්‍ය ලෙස වර්ධනය වී ඔවුන් රෝගී වීමට ද ඉඩ තිබේ.

ඒ නිසා නිවෙස් තුළ සිටින දරුවන්ට දියවැඩියාව අධි රුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන් පවා ඇති විය හැකි බව ළමා වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

මේ හේතුව නිසා පාසැල් නැවත ආරම්භ කළද ළමයින් වෙනුවෙන් අලූතින්ම සපත්තු” නිල ඇඳුම් ආදියද මිලදී ගන්නට සිදුව ඇති බව දෙමාපියන් පවසයි.

වසර දෙකකටත් වැඩි කාලයක් තිස්සේ පාසැල් වසා දමා” දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට විවිධ ක‍්‍රම අත්හදා බැලූවද ඒ කිසිවක් සියයට සියයක්ම සාර්ථක වූයේ නැත. මෙලෙස ක‍්‍රම ක‍්‍රමයෙන් දරුවන් කායිකව සහ මානසිකව වෙනස් වීම්වලට ලක් වුවද ඒවා යථාවත් කිරීමට මහත් පරිශ‍්‍රමයක් දැරීමට සිදුවනු ඇත.

නැවත පාසල් විවෘත කිරීම සහ ළමයින්ගේ අනාගතය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ සැලසුම් හා තොරතුරු සහ සමාජ විද්‍යා” නීතිවේදී ශානිකා මලල්ගොඩ මහත්මිය මෙලෙස අදහස් දැක්වූවායි

‘‘මේ කාල සීමාවේ පාසල් විවෘත කිරීමට ගත් තීරණය කාලෝචිතයි. පාසල් පටන් ගැනීම අධ්‍යාපන අයිතිය ඉදිරියට අරන් යන එකට හයියක්. මේ රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමට රටක් විදියට හැමෝම බැඳිලා ඉන්නවා. එහෙම නැති වුනොත් පාසැල් අත්හැර යන ළමයින් ප‍්‍රමාණය වැඩි වීම වළක්වන්න බෑ. විශේෂයෙන්ම යව්වන වියේ පසුවන ළමයින් දැඩි ආර්ථික අපහසුතා මත සිටින දරුවන්” ඉගෙන ගැනීමට අකමැති ළමයින් පාසැල් වසා තිබීම නිසා අධ්‍යාපන කටයුතු අතරමඟ නතර කරනවා. ඒ වගේම ළමා නිවාසවල ළමයිනුත් මේ පාසැල් විවෘත කිරීම තුළ අධ්‍යාපනයෙන් දුරස්වීම වැළකෙනවා.

ඒ වගේම දරුවන්ගේ මානසික කායික නිරෝගීතාවයට” වගේම දරුවන්ගේ ආරක්ෂාවටත් පාසල් විවෘත කිරීම හොඳම තීරණයක් කියලා මම හිතනවා. වසර දෙකකින් දරුවන්ගේ අධ්‍යාපනය ආපස්සට යාම රටේ අනාගතයටත් විශාල ප‍්‍රශ්නයක්. ඒ වගේම ඇතැම් දරුවන්ට නිවසට වඩා ආරක්ෂාකාරී ස්ථානය වන්නේ පාසල. දෙමාපියන්ට වඩා විශ්වාසවන්ත වෙන්නේ ගුරුවරුන්. කොවිඞ් කාලසීමාව තුළ නිවෙස් තුළම දරුවන් අනාරක්ෂිත වූ අවස්ථා ඕනෑ තරම් තියෙනවා.

මේ සියලූම තත්ත්වයන් සලකා බලා කොවිඞ් මර්දන එන්නත ලබාදීමද සිදු කරමින් පියවරෙන් පියවර හෝ පාසැල් විවෘත කිරීමට ගත් තීරණය රටේ අනාගතය වෙනුවෙන් ගත් හොඳ තීරණයක් ලෙස මම දකිනවා”

පාසැල් විවෘත කිරීමේ අවශ්‍යතාවය සහ නැවත පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් දෙමාපියන් කිහිපදෙනෙකු ද අප සමඟ අදහස් දැක්වීයි

‘‘නැවත පාසල් පටන් ගත්ත එක ගැන හරිම සතුටුයි. අපේ ළමයි ගෙවල්වලට වෙලා හිටියට පොතක් පතක් ඇල්ලූවේ කලාතුරකින්. ෆෝන් එක දිහා බලාගෙන හිටියට ඒ ගැන අපිට වැඩි තේරුමක් නෑ. ඒ නිසා නැවත පාසල් ආරම්භ කිරීම දරුවන් වෙනුවෙන් ගත්ත හොඳ තීරණයක්. මේ කාලෙ ඇතුළත දරුවන් සෑහෙන්න මානසිකව වැටිලා හිටියේ. විසි එක් වෙනිදා පාසල් පටන් ගන්නවා කිවුවහම දරුවා සතුටු වුණා.”

නැවතත් පාසල් යාමට ඉඩ ලැබීම සම්බන්ධයෙන් දරුවන් මෙන්ම දෙමාපියන් කතා කළේ ද සතුටිනි.

නිවෙසක් තුළ සිටින දරුවකුට වඩා පාසල් පරිසරය තුළ දරුවකුගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස්ය. පොතපතේ දැනුමට අමතරව හැකියාවන් කුසලතාවන් පෝෂණය කිරීමට” නායකත්වයන් දැරීමට” ක‍්‍රීඩා කෞෂල්‍යයන් වර්ධනයට ආදී බොහෝ දේ සඳහා පාසල තුළින් දරුවාට අවස්ථාවන් නිර්මාණය කර දෙයි.

එලෙසම යම්කිසි විෂයය කටයුත්තක් සම්බන්ධයෙන් ගැටලූවක් වේ නම් ඒ පිළිබඳව කිහිපවරක් හෝ අසා දැනගැනීමට දරුවන්ට තහනමක් නැත. නමුත් මාර්ගගත ක‍්‍රමය යටතේ පැයකට හෝ අඩු කාලයකට සීමා වන පන්තියක් තුළ ගුරුවරුන්ට සියලූම දරුවන් කෙරෙහි අවධානය යොමු කිරීම අපහසුය. මේ නිසා ඇතැම් දරුවන්ට විෂයය කරුණු මෙන්ම අධ්‍යාපනය ලැබීමද නීරසව යයි. නමුත් සියලූම දෙනාට මුහුණපෑමට සිදුවන්නේ එකම විභාගයකට නිසා වඩාත් වැදගත් වන්නේ පාසල් අධ්‍යාපනය බව බොහෝ දෙමාපියන් මෙන්ම දරුවන් පවසයි. එලෙසම පෙර පාසැල්” විශ්වවිද්‍යාල” පිරිවෙන් සහ දහම් පාසල් ද යළිත් ආරම්භ කළ යුතු බවට එක් එක් ක්ෂේත‍්‍රවලට සම්බන්ධ පුද්ගලයින් අදහස් පළ කරයි.

  • සෞඛ්‍ය පුරුදු අමතක කරන්න එපා

තවදුරටත් කොවිඞ් වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා නිසි පරතරය තබා ගැනීම” විෂබීජහරණය කිරීම” දෑත් සේදීම” මුව ආවරණ ආදිය නිසි ලෙස පාවිච්චි කිරීම සහ බැහැර කිරීම ආදී සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳව දරුවන් දැනුම්වත් වී සිටිය යුතුය. දරුවන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ සිහිපත් කිරීමේ වගකීම ගුරුවරුන්ට මෙන්ම දෙමාපියන්ටත් පැවරී ඇති බවට විශේෂඥ වෛද්‍යවරුන් පවසයි. ළමුන්ට එන්නත් ලබා දීමෙන් පසු සෑම පාසලක්ම ආරම්භ කරනුයේ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද අනුව නිසා එම පිළිවෙත් නිසි අයුරින් පිළිපදින ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර එළඹෙන 25 වනදා ගුරුවරු අනිවාර්යයෙන් ම සේවයට වාර්තා කරනු ඇතැයි තමා තරයේ විශ්වාස කරන බව අධ්‍යාපන ලේකම් කපිල පෙරේරා මහතා පවසයි.

‘‘ගුරුවරු සේවයට වාර්තා නොකිරීම පිළිබඳ කිසිදු අමනාපයක් නෑ. එහෙම වුණොත් ඒ වෙනුවෙන් ආදරණීය විසඳුමක් හොයන්න අපට සිද්ධ වෙනවා. විසි එක් වෙනිදා ගුරුවරු ආවේ නෑ කියලා අපි අමනාප උනේ නෑ. මේ අවස්ථාවේදී අපි හැමෝම හිතන්න ඕන රටේ අනාගතය වන දරුවන් ගැන. අධ්‍යාපනය ලැබුණොත් විතරයි අනෙක් හැම ක්ෂේත‍්‍රයක්ම ශක්තිමත් වෙන්නේ. රටින් පිටට යන්න ලෝකෙට කතා කරන්න දරුවන්ට අවස්ථාව ලැබෙන්නේ අධ්‍යාපනය හරහා. පොතපතේ දැනුම විතරක් නෙමෙයි හැමදේම අපට අධ්‍යාපනයෙන් ලබාගන්න පුළුවන්. ඒ නිසා මේ රටේ දරුවන් වෙනුවෙන් ආරම්භ කරල ගෙනයන අලූත් අලූත් වැඩපිළිවෙළට ගුරු විදුහල්පතිවරුන්” දෙමාපියන්” දරුවන් මෙන්ම රටේ සමස්ත මහජනතාව සහාය දෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා. රටක ජීවනාලිය බඳු දරුවන් ආරක්ෂා කර ගැනීම අපි හැමෝගෙම වගකීමක්.”

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment