පාසල් ඇරී ගෙදර එමින් සිටි දැරියගේ අත්පා බැඳ පැලක දාලා

830

පාසල නිම වී යළි නිවසට පැමිණෙමින් සිටි බාලවයස්කාර පාසල් සිසුවියකගේ අත් පා ගැට ගසා හේනක පිහිටි පැලක දමා සිටියදී හමුවූ බවත්, එම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු හෝ පිරිසක් අත්අඩංගුවට ගැනීමට පෙරේදා (2 දා) විමර්ශනයක් ආරම්භ කළ බවත් කල්ලංචිය පොලිසිය පවසයි.

රොටවැව, සිප්පුකුලම ප්‍රදේශයේ පදිංචි 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක මෙසේ සොයා ගත් බව පොලිසිය කියයි.

අත් පා සහ මුහුණ රෙදි පටි කිහිපයකින් බැඳ දැමූ කුඩා පාසල් දැරියක අත හැර දැමූ පාළු හේනක, පැලක් තුළ සිටින බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) ලැබුණු තොරතුරකට අනුව මෙම දැරිය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කළේය.

කෑදෑව පොලිස් ස්ථානාධිපති චන්ද්‍රසිරි මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් එම ස්ථානයට ගොස් දැරිය සොයා ගත්හ. ඉන් අනතුරුව වහා රෝහල්ගත කිරීමට පියවර ගැනුණි.

එම දැරිය මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, පොලිසිය ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව දැරිය වෛද්‍ය පරීක්ෂණයකට භාජන කිරීමට නියමිතව තිබුණි.

මේ සම්බන්ධයෙන් කෑදෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මිහින්තලේ – රංග චතූ
 

advertistmentadvertistment
advertistmentadvertistment