පාසල් කාලය පස්වරු 4 තෙක් දීර්ඝ කළ යුතුයි – අමතර කාලය සිසුන් ක්‍රීඩාවට යොමු කළ යුතුයි

290

– ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ

පාසල් කාලය දිනපතා පස්වරු 4.00 දක්වා ඉහළ නැංවිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

එම අමතර කාලය දරුවන් ක්‍රීඩාව සඳහා යෙදවීමට කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා කියා සිටියේය.

පසුගිය 18 දා දඹුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙසේද කියා සිටියේය.

“දරුවන්ට ක්‍රීඩාව සතියකට එක දවසක් විතරක් තිබිලා වැඩක් නැහැ. දරුවන්ට අධ්‍යාපනය වගේම ක්‍රීඩාවත් අවශ්‍යයි. ඒ නිසා පාසල් වේලාවේ අවසන් කාලපරිච්ඡේද දෙක හරි පාසල් කාලවේලාව දිගු කරලා හරි දරුවන්ව ක්‍රීඩාවට යොමු කළ යුතුයි. මේ තුළින් බෝ නොවන රෝග, දියවැඩියාව ඇතුළු අනෙකුත් රෝගවලින් බේරා ගන්න හැකියාව ලැබෙනවා.

පාසල් කාලය සවස 4.00 දක්වා දීර්ඝ කර ගැනීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් ඉන්නවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ප්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment