පාසල් කාලය පැයකින් දික් කරයි

150

අපේ‍්‍රල් අලූත් අවුරුදු නිවාඩුවෙන් පසු එළඹෙන 18 වැනිදායින් ඇරඹෙන නව පාසල් වාරයේ සියලූම පාසල් පැවැත්වෙන වේලාව දිනකට පැයකින් දීර්ඝ කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.

දිනකට පැයක් බැගින් අමතර කාලයක් පාසල් පැවැත්වීමේ තීරණය මෙම පාසල් වාරයට පමණක් බලපැවැත්වෙන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

රජයේ හා රජයේ අනුමත සියලූම පෞද්ගලික පාසල් හා අනුමත පිරිවෙන් සඳහා ද මෙය බලපැවැත්වෙන බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

පළමු පාසල් වාරයේ මගහැරුණු පැය ගණන ආවරණය කිරීම සඳහා අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment