පාසල් දරුවන් මතට ලොල් කළ කළුතර ටියුෂන් ගුරා මාට්ටු

591

අත්අඩංගුවට ගන්නා විටත් මත් කරල් 1299ක් ළඟ තිබිලා

පාසල් දරුවන්ට කලක සිට මත් කරල් මුදලට විකුණූ උපකාරක පන්ති ගුරුවරයෙකු කළුතර දකුණු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

සැකකරු සන්තකයේ තිබී මත් කරල් 1299 පොලිසිය භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකා කටුකුරුන්ද පුහුණු පාසලේ නිලධාරීන්ට ලද තොරතුරුවලට අනුව වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ගණිතය සහ විද්‍යාව විෂයයන් වලට අදාලව උපකාරක පන්ති පවත්වන පුද්ගලයකු බවත් පොලිසිය කියයි. දෙදරු පියකු වන සැකකරු කළුතර ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත රැඳී සිටින අයෙක් බවත් මාවනැල්ලේ ස්ථිර පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කළුතර දකුණ පොලිසිය වෙත භාරදී ඇත.

විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය අතුල රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකා කටුකුරුන්ද පුහුණු පාසලේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල මාරපන මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.
ප්‍රභාත් විතාන, ඇන්ටන් ප්‍රනාන්දු, කැස්බෑව බිමල් ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment