පාසල් දස දහසක් ඉදිරිපිට අද කළු කොඩි – ස්ටාලින් කියයි

44

ගුරු – විදුහල්පතිවරුන්ට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරමින් කළ ප්‍රහාරය, ආණ්ඩුව ගෙනයන මර්දන ක්‍රියාපිළිවෙත හා දෙමාපියන්ට බර පටවමින් ආණ්ඩුව කරන හිරිහැර හා ගුරු-විදුහල්පති ගැටලු නොවිසඳීම යන කාරණාවලට විරෝධය පා අද (01දා) දිවයිනේ පාසල් දසදහසකට අධික ප්‍රමාණයක් ඉදිරිපිට කළු කොඩි ප්‍රදර්ශනය කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා “දිවයින” ට පැවැසීය.

එසේම හෙට (02දා) දිවයිනේ සෑම පාසලක් ඉදිරිපිටම පස්වරු 2.00ට ගුරුවරුන් හා දෙමාපියන් සමග එක්ව උද්පෝෂණ පවත්වන බවද හෙතෙම කීය.

එමෙන්ම ආණ්ඩුව රජයේ සේවකයන්ගේ ගැටලුවලට විසඳුම් ලබානොදෙමින් ගෙනයන මර්දනකාරී පිළිවෙතට එරෙහිව ලබන 6දා සියලු වෘත්තීය සංගම් කොළඹට කැඳවා වෘත්තීය සංගම් ඒකාබද්ධ සමුළුවක් පවත්වන බවද ඒ මහතා කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment