බළන්ගොඩ නගරයේ ප්‍රධාන දමිළ විදුහලක බාලවයස්කාර සිසුවියන් තිදෙනකු රැගෙන ගොස් සතියක් පමණ කුරුවිට ප්‍රදේශයේ නිවෙසක තබාගෙන සිටි තරුණයන් තිදෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 18 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බළන්ගොඩ දිසා විනිසුරු රාජපක්ෂ මහතා නියෝග කළේය.
පාසල් නිවාඩු දුන් දිනයේ අවුරුදු 15 පමණ වයසේ පසුවූ සිසුවියන් මෙසේ ගෙන ගොස් ඇති අතර එම දරුවන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බළන්ගොඩ මූලික රෝහලට 09දා ඇතුළත් කළ බව පරීක්ෂණ මෙහෙයවන කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනි (පො.ප.) පාලිකා රාජපක්ෂ මහත්මිය සඳහන් කළාය.
බළන්ගොඩ – එන්. එච්. පියසේන