පාසල් දිවා ආහාරයට චීනයෙන් සහල්  මෙටි්‍රක් ටොන් දසදහසක්

95

පාසල් දිවා ආහාර වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා චීන සමූහාණ්ඩුව මගින් සහල් මෙටි්‍රක් ටොන් දසදහසක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

මෙරට පාසල් 7925 ක දරුවන් දසලක්‍ෂ අසූදහසක් සඳහා වසර 30කට ආසන්න කාලයක් අඛණ්ඩව දිවා ආහාර වේලක් ලබාදුන් අතර එය මේ දිනවල ක්‍රියාත්මක නොවන තත්ත්වයකට පත්ව තිබේ.

චීන සමූහාණ්ඩුව විසින් ලබාදෙන සහල් තොගයෙන් මෙටි්‍රක් ටොන් 1000ක් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්. එන්. රණසිංහ මහතා වෙත ඉකුත් දා නිල වශයෙන් ලබාදෙන ලදී.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment