පාසල් දොර සම්පූර්ණයෙන්ම හෙට අරෙයි

131

දිවයින පුරා රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්හි මෙතෙක් ආරම්භකර නොමැති ශ්‍රේණි ඇතුළු සියලූම ශ්‍රේණි හෙට (22 වැනි සඳුදා) සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර ඇත.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අදාළ නිලධාරීන් සමග සාකච්ඡුාකර මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මෙතෙක් ආරම්භ නොවූ 6, 7, 8, 9 යන ශ්‍රේණිවල ද අධ්‍යයන කටයුතු එදින සිට සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

කොවිඞ් ව්‍යසනය හේතුවෙන් වසා දැමුණු දිවයිනේ සියලූම පාසල් සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව අදියර හතරක් යටතේ ආරම්භ කිරීමට රජය ගත් තීරණය අනුව හතරවන අදියර යටතේ සියලූ පාසල්හි සියලූ ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට (22 සඳුදා) දින සිට ආරම්භ කෙරේ.

අනුර බාලසූරිය, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment