පාසල් නිවාඩුව හෙට ඇරැඹෙයි

219

පාසල් නිවාඩුව හෙටින් (20 දා) ආරම්භ වේ. නැවත පාසල් ආරම්භ කිරීම පෙබරවාරි 20 වැනිදා සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම නිවාඩුව 2022 වර්ෂයේ තුන්වැනි (අවසාන) නිවාඩුව වේ. පෙබරවාරි 20 දා යළි පාසල් ඇරඹීමෙන් පසු තෙවැනි වාරය 2023 මාර්තු 24 වැනිදා තෙක් පැවැත්වෙයි. ඒ දිනෙන් පසු 2023 වර්ෂයට අදාළ පළමු පාසල් වාරය ඇරඹෙයි.

පාසල් නිවාඩු කාලයේදී උසස් පෙළ විභාගය පැවැත්වෙන අතර එය ජනවාරි 23 වැනිදා ආරම්භ වී පෙබරවාරි 17 දක්වා පැවැත්වේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment