පාසල් පළමු වාරය  අද ඇරැඹෙයි – පැයක් දික් කිරීමේ තීරණය අත්හිටුවයි

71

දිවයින පුරා පිහිටි පාසල්වල නව වසරේ පළමු පාසල් වාරය අදින් (18 දා) ආරම්භ කෙරේ.

නව පාසල් වාරය ආරම්භ වීමත් සමග කොවිඩ් වසංගතය නිසා මගහැරී ගිය අධ්‍යයන කටයුතු සිදුකිරීම සඳහා පාසල් ඉගැන්වීම් කාලය පැයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබුණි.

එහෙත් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන වෘත්තීය සමිති අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමග සිදුකළ සාකච්ඡාවකින් පසු අමතර ඉගැන්වීම් කටයුතු සඳහා වෙන්කර තිබූ පැයක කාලය අත්හිටුවීමට ඇමැතිවරයා කටයුතු කර තිබේ. ඒ අනුව පාසල් අධ්‍යයන කටයුතු දහවල් 1.30 ට අවසන් කෙරේ.

මේ අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ සිසුන්ගේ පළමු පාසල් වාරය අදින් ආරම්භ කළත් ඇතැම් සිසුන්ට නව පන්තියට අදාළ නව පාසල් පෙළ පොත් නොලැබීම සහ අභ්‍යාස පොත්වල මිල

ගණන් ඉහළ යෑම නිසා සිසුන් අපහසුතාවයට පත්ව ඇති බවට වාර්තාවී ඇති බවයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment