පාසල් මත් ජාලය විනාශ කරන්න පනතක්

158

පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කිරීම සඳහා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාලය විනාශ කිරීම අරමුණු කර ගනිමින් විශේෂ පනත් කෙටුම්පතක් ගෙන ඒමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවකදී මෙම නව පනත ගෙන ඒමට අවධානය යොමුව ඇත. අන්තරායකර ඖෂධ හා විෂ අබිං ආඥා පනත සංශෝධනය කිරීම වෙනුවට නව පනතක් මේ වෙනුවෙන්ම ගෙන ඒම සුදුසු බවට මෙහිදී සාකච්ඡා වී තිබේ. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කර නව පනත ගෙන ආ යුතු බවයි.

පාසල් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන් නීතියට හසු කර ගැනීම වෙනුවෙන් නියමයන් රාශියක් මෙහිදී ජනාධිපති ආරක්ෂක කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ආරක්ෂක අංශ වෙත ලබාදී තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment