පාසල් යළි විවෘත කිරීම අවිනිශ්චිත තත්ත්වයක – ඇමැති ජී. එල්. පීරිස්

123

ලබන සැප්තැම්බර් මස මුල ක‍්‍රමානුකූලව පාසල් විවෘත කිරීම රජයේ අරමුණ වී තිබුණත් පවතින සෞඛ්‍ය තත්ත්වය හමුවේ යළි පාසල් විවෘත කිරීම අවිනිශ්චිත යැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය.

මෙම මස අවසානයට පෙර සියලූම පාසල් ගුරුවරුන්ට කොරෝනා මර්දන එන්නත ලබාදී යම් ක‍්‍රමවේදයකට අනුව පියවරෙන් පියවර පාසල් යළි විවෘත කිරීමට රජය සැලසුම් කර තිබූ බවද ඇමැතිවරයා සඳහන් කළේය.

නමුත් රටේ පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ

අගෝස්තු අවසානයේ හෝ සැප්තැම්බර් මුලදී පාසල් යළි විවෘත කිරීම අවිනිශ්චිත යැයිද හෙතෙම පැවැසීය.

එවැනි තත්ත්වයක් තුළ මාර්ගගත අධ්‍යාපනය තවත් පුළුල් කරමින් දරුවන්ට අධ්‍යාපනය ලබාදීම ඉතාම වැදගත් බවත් එය සමාජයේ වරප‍්‍රසාද නැති පවුල්වල දරුවන්ගේ යහපතට හේතුවන බවත් ඇමැතිවරයා පැවැසීය.

නමුත් ගුරුවරු මාර්ගගත අධ්‍යාපනයෙන් වෙන්වී තවදුරටත් කටයුතු කරන්නේ නම් ගුරුවරුන් පළිගන්නේ සමාජයේ වරප‍්‍රසාද නොමැති පවුල්වල දරුවන්ගෙන් යැයිද හෙතෙම පැවසීය.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 1,69000 ක් පමණ වන දරුවන්ගේ සෞන්දර්ය විෂයේ ප‍්‍රායෝගික පරීක්‍ෂණ වලින් ගුරුවරුන් ඉවත්වීම නිසා විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීමට නොහැකිවීමෙන් සිසුන් බලවත් අසාධාරණයකට ලක්ව ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment