පාසල් රග්බි කී‍්‍රඩාපිටිය යළි සකී‍්‍රය වෙයි

116

පාසල් රග්බි කී‍්‍රඩාපිටිය නැවතත් සක‍්‍රීය කිරීමට ශී‍්‍ර ලංකා පාසල් රග්බි සම්මේලනය තීරණයකර තිබේ. එ් අනුව ‘පළාත් පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය’ ලබන 18 වැනිදා ආරම්භ කිරීමට මේ වනවිට තීරණයකර තිබේ.

‘පළාත් පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය’ සඳහා බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව සහ වයඹ යන පළාත් පහක් නියෝජනය කරමින් පාසල් 50ක කණ්ඩායම් තරග බිමට පිවිසීමට නියමිතය. එහිදී බස්නාහිර පළාතින් කණ්ඩායම් 22ක්, මධ්‍යම පළාතින් කණ්ඩායම් 8ක්, වයඹ පළාතින් කණ්ඩායම් 7ක්, දකුණු පළාතින් කණ්ඩායම් 7ක් සහ සබරගමු පළාතින් කණ්ඩායම් 5ක් තරගාවලියට එක්වීමට නියමිතය.

තරගාවලිය ආරම්භ කරමින් බස්නාහිර පළාතේ තරග කොළඹ 07 රාජකීය කී‍්‍රඩා සංකීරණයේදී ලබන 18, 19 දෙදින පැවැත්වේ. මධ්‍යම පළාතේ තරග ලබන 27 වැනිදා පල්ලෙකැලේ ති‍්‍රත්ව විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අතර වයඹ පළාතේ තරග ලබන 28 වැනිදා කුරුණෑගල මලියදේව විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. ලබන 30 වැනදා සබරගමු පළාතේ තරග රුවන්වැල්ල පොදු කී‍්‍රඩාංගණයේදී සහ දකුණු පළාතේ තරග ලබන 31 වැනිදා කොග්ගල නිදහස් වෙළෙඳ කලාප කී‍්‍රඩාංගණයේදී පැත්වේ.

පවතින කොරෝනා තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශයන්ට යටත්ව මෙම තරගාවලිය පැවැත්වීමට අනුමැතිය හිමිව තිබේ. එ් අනුව තරගාවලියේ සියලූම තරග පේ‍්‍රක්ෂක සහභාගිත්වයෙන් තොරව පැවැත්වීමට නියමිතය.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment