පාසල් ලීග් ශුරතා රග්බි තරගාවලිය

236

රාජකීයයන් ‘ඒ’ කාණ්ඩයෙන් පෙරමුණ ගනිද්දී ඉසිපතනය ‘බී’ කාණ්ඩයෙන් පෙරට එයි

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් ලීග් ශුරතා රග්බි පාපන්දු තරඟාවලියේ මෙවර ප්‍රමුඛ පෙළ අංශයේ ශූරතාව දිනා ගැනීම උදෙසා සටන් වැද සිටින කණ්ඩායම් සංඛ්‍යාව 12 කි.

අගනුවර සහ මහනුවර නියෝජනය කරමින් මෙම පාසල් තෝරා ගැනීමට ශ්‍රී ලංකා පාසල් රග්බී පාපන්දු සංගමය පියවර ගත්තේය.

කොළඹ රාජකීය, කොළඹ ඉසිපතන, බම්බලපිටිය ශාන්ත පීතර, මරදාන සාන්ත ජෝසප්, ගල්කිස්ස විද්‍යා, කොළඹ වෙස්ලි සහ ගල්කිස්ස ශාන්ත තෝමස්, මහනුවර ත්‍රිත්ව, මහනුවර විද්‍යාර්ථ, මහනුවර ධර්මරාජ, මහනුවර ශාන්ත අන්තෝනි සහ මහනුවර කිංග්ස්වුඩ් එම පාසල් වෙති.

ගෝලීය වසංගතයක් බවට පරිවර්තනය වී තිබුණු කොවිඩ් – 19 තත්ත්වය හමුවේ දෙවසරක් තුළ දක්නට නොලැබුණු පාසල් ලීග් ශුරතා තරගාවලියේ මෙවර ක්‍රියාත්මක කිරීම පසු ගිය සතියේ දී සිදු වූ අතර එහි ජයග්‍රාහක පිලට මෙවර ඩයලොග් අභියෝග කුසලාන ප්‍රදානය කිරීමට පියවර ගෙන තිබීම විශේෂත්වයකි.

පාසල් ලීග් ශුරතා රග්බි තරගාවලිය

මෙතෙක් පැවති තරග ආශ්‍රිතව ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට රාජකීය විද්‍යාලය (ලකුණු 12) සහ ශාන්ත ජෝසප් විද්‍යාලය (ලකුණු 12) සමත් වන අතර වාරයේ ඉසිපතන විද්‍යාලයට (ලකුණු 10) ‘බී’ කාණ්ඩයේ පෙරමුණ හිමි වී තිබේ. රාජකීය, ශාන්ත ජෝසප්, ත්‍රිත්ව සහ ඉසිපතන විදුහල් මෙතෙක් පැවති තරග ආශ්‍රිතව තම අපරාජිත භාවය ආරක්ෂා කර ගැනීමට සමත් වීම කැපී පෙනේ.

තරග සංඛ්‍යාව, ජයග්‍රහණ සංඛ්‍යාව, ජය පරාජයෙන් තොර තරග සංඛ්‍යාව, පරාජිත තරග සංඛ්‍යාව, රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව, එරෙහිව සටහන් වූ ලකුණු සංඛ්‍යාව, ප්‍රසාද ලකුණු සංඛ්‍යාව සහ ලකුණු එකතුව පිළිවෙලින් දැක්වේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment