පාසල් වෑන් ගාස්තුත් නගී

109

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ පාසල් වෑන් රථ ගාස්තුව ග‍්‍රාමීය මට්ටමින් සියයට තුනකින්ද, නාගරික මට්ටමින් සියයට පහළොවකින්ද අද (14 වැනිදා* සිට ඉහළ දමන බව සමස්ත ලංකා අන්තර් දිස්ත‍්‍රික් පාසල් ළමුන් ප‍්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්. එම්. කේ. හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා ‘දිවයින’ ට ඊයේ (13 වැනිදා) පැවැසීය.

එසේම, මේ වනවිට ඉන්ධන හිඟය හේතුවෙන් අද පාසල් වෑන් රථ ධාවනය කරවීමේ ගැටලූවක් මතුව ඇතැයි ද හෙතෙම කීය.

තවදුරටත් කතා කළ හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා මෙසේද කීය.

දිවයිනේම පාසල් වෑන් රථ 48,000 ක් තියෙනවා. ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ අපිට මේක දරාගන්න බැහැ. මේ නිසා අපි අද ඉ`දලා පාසල් වෑන් ගාස්තුව ඉහළ දමනවා. දැනට පාසල් වෑන්වල කිලෝ මීටර් 80 ක් ගමන් කරන

දරුවකුගෙන් රුපියල් 6000 ක් ගන්නවා. මේ ගණන් අද ඉ`දලා වෙනස් වෙනවා. අපිට කරන්න දෙයක් නැහැ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment