පාසල් වෑන් ගාස්තුත්  සියයට 35 කින් නග්ගයි

126

ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් පාසල් වෑන් රථ ගාස්තුව ඊයේ (20දා) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 35 කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා ‘දිවයින’ට පැවසීය.

ඉන්ධන මිල වැඩි කිරීමට විරෝධය පා පෙරේදා (19 දා) සිට පාසල් වෑන් රථ රියැදුරන් ධාවනයෙන් ඉවත් වූ බවත්, ඊයේ පාසල් වෑන් රථ ධාවනය වූයේ සියයට 1 කටත් අඩු ප්‍රමාණයක් බවත් හෙතෙම කීය.

කෙසේ වෙතත්, ඊයේ පස්වරුවේ සංගමයේ සාමාජිකයන් අතර පැවති සාකච්ඡාවකින් පසු පාසල් වෑන් රථ ගාස්තුව සියයට 35 කින් ඉහළ නැංවීමට තීරණය කළ බවත්, පසුව පාසල් වෑන් රථ ධාවනයේ යෙදීමට තීරණය කළ බවත් හෙතෙම කියා සිටියේය. එසේම මේ වනවිටත් රටතුළ ඉන්ධන හිඟයක් පවතින බවත්, ඉන්ධන ලබාගත හැකි වුවහොත් අද (21දා) පාසල් වෑන් රථ ධාවනය කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment