පාසල් වෑන්- පෞද්ගලික බස් ධාවනය වන්නේ 20% යි

140

පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය

පවතින ඩීසල් හිඟය නිසා දෛනිකව ධාවනය වන පාසල් වෑන් රථ සහ පෞද්ගලික බස් රථ සංඛ්‍යාව සියයට 20 දක්වා පහත බැස ඇතැයි සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්. එම්. කේ. හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා ‘දිවයින’ ඉරිදා සංග්‍රහයට පැවසීය.දිවයින පුරා ඇති පාසල් වෑන් රථ සහ පෞද්ගලික බස් රථ සංඛ්‍යාව වන 40,000න් මේ වනවිට දිනකට ධාවනය වනුයේ පාසල් වෑන් රථ 10,000ක් සහ පෞද්ගලික බස් රථ 15,000ක් අතර සංඛ්‍යාවක් බවද හෙතෙම පැවසීය.ඉන්ධන ගාස්තු වැඩිකිරීම හේතුවෙන් පාසල් වෑන් රථ වල ගාස්තුව සියයට 40 කින් ඉහළ දැමීමත් සමඟ බොහෝ දෙමාපියන් තම දරුවන් පාසල් වෑන් රථ වලින් ඉවත්කර ගනිමින් සිටින බවද පැවසූ ඒ මහතා මෙම තත්ත්වය මත පාසල් වෑන් රථ කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි මට්ටමට ඇදවැටී ඇතැයිද කීවේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment