පාසල් සිසුන්ට විකිණීමට ගෙනා ගංජා මිශ්‍ර මාවා බුලත්විට තොගයක් සමග සැකකරු අත්අඩංගුවට

251

යාපනයේ පාසල් සිසුන්ට අලෙවි කිරීමට සූදානම් කොට තිබූ ගංජා මිශ්‍ර මාවා බුලත්විට කිලෝ ග්‍රෑම් තුනහමාරක් සමග සැකකරුවකු යාපනය පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් 19 දා අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ ප්‍රසිද්ධ පාසලක් පිටුපස පිහිටි නිවසක තිබිය දී මෙම මාවා තොගය හමු වී ඇති අතර සැකකරු මීට පෙර ද මත්ද්‍රව්‍ය අලෙවිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයෙකි.

ඔහු පාසල් සිසුන්ට මෙම මාවා බුලත්විටක් රුපියල් 100 බැගින් අලෙවි කිරීමට සූදානම් කොට තිබේ.

එම මිලට ලබාදෙන මාවා බුලත්විට පැකැට් කිපයක් ද සැකකරුගේ නිවසේ තිබී හමු වී ඇත.

යාපනය පොලිසියට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකරු යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment