පාසල් සිසුන්ට සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සත්වෝද්‍යානය නැරඹීම දින තුනක් නොමිලේ

105

සතුන් අපේ මිතුරෝය යන තේමාව පෙරදැරි කර ගනිමින් දෙහිවල සත්ව උද්‍යානය පාසල් දරුවන්ට හා 60 ට වැඩි වැඩිහිටි පුරවැසියන්ට මේ මස 23 වැනිදා සිට 25 දක්වා සත්ව උද්‍යානය නොමිලයේ නැරඹීමේ අවස්ථාවක් ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් උදාකරදී ඇත.

මේ මස 23 දා උදේ 8.30 සිට පාසල් දරුවන් සඳහා අධ්‍යාපනික ප්‍රදර්ශනයක් පැවැත්වීමටත් මධ්‍යම පරිසර අධිකාරියේ සහයෝගයෙන් පරිසර නියමු කණ්ඩායම් විසින් පවත්වනු ලබන විශේෂාංග රාශියක් ඊට

සමගාමීව සිදුකිරීමට නියමිතය. මේ 25 වැනි දින නත්තල් උත්සවය සැමරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් රාශියක් මෙයට සමගාමීව සිදුකිරීමට නියමිතය. සතුන් සහ ඔවුන් ජීවත්වන පරිසරය ආරක්‍ෂා කර ගැනීමේ ආකල්ප මහජනතාව තුළ වර්ධනය කිරීමේ මූලික අරමුණින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා උපාලි පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ලැබෙන බවද සඳහන් වේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා සත්ව උද්‍යානයේ අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත් මහතාගෙන් තොරතුරු ලබාගත හැක. දු.ක. 0718095868

ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment