පාසල් සිසුන් අපයෝජන කළ උණවටුනේ කපුවාට ඇප නෑ: කපුවාට එරෙහිව විරෝධතාවක්

357

පාසල් ළමයින් පිරිසක් සමුහ වශයෙන් අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂි. බන්ධනාගර ගතකොට සිටින උණවටුන දලවැල්ලේ සතර දේවාලයේ කපුවා තවදුරටත් ලබන මස හය වැනි දින දක්වා බන්ධනාගරාගත කරන ලෙසට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් පවිත්‍ර පීරිස් මහත්මිය නියෝග කළාය.

විත්තිකරු වනුවෙන් ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න, චරක දේශප්‍රිය, ප්‍රදීප් මදනායන, දිස්නි පියසිරි මහත්මිය පෙනී සිටි අතර වින්දිතයින් වෙනුවෙන් නීතිඥ අජිත් කුමාර මහතා ද පෙනී සිටියේය.

ලලිත් චාමින්ද සහ එස් කේ කළුආරච්චි ගාල්ල

පාසල් සිසුන් අපයෝජන කළ උණවටුනේ කපුවාට ඇප නෑ: කපුවාට එරෙහිව විරෝධතාවක්

ළමා අපයෝජන කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින උණවටුන මැටරඹ දේවාලයේ බටගොඩගේ කීර්ති කුමාර කපුවා නඩු විභාගය සඳහා අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (23) උදෑසන ගෙන එන ලද අවස්ථාවේ සර්ව ආගමික නායකයින්ද සහ සමාජ ක්‍රියාකාරින්ද දෙමව්පියන්ද ඇතුළු පිරිසක් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වූහ.

ළමා අපයෝජකයින්ට නිසි දඩුවම් ලබාදෙන ලෙසත් සැකකාර කපුවාට ආරක්ෂාව ලබාදුන් පොලිස් නිලධාරින් හෙළි කරන ලෙසත් දරුවන් විකුණා රැස්කල ධනය රාජසන්තක කරන ලෙසත් විරෝධතාවයට එක්වු පිරිස් ඉල්ලා සිටියහ.

අහංගම සුගතපාල දීයගහගේ, වංචාවල ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment