පාසල් සිසුන් දෙපිරිසක් ගැටී පිහිපහර කෑ ශිෂ්‍යයාට බරපතළයි

266

කඩුවෙල පහළ බෝමිරිය ප‍්‍රදේශයේ පාසල් සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් නිසා එක් සිසුවකු පිහි ඇනුමකට ලක්ව බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට ඇත.

මෙසේ රෝහල් ගතකොට ඇත්තේ පහළ බෝමිරිය ප‍්‍රදේශයේ පදිංචි අදිශ කල්හාර නමැත්තෙකි. පසුගිය බ‍්‍රහස්පතින්දා සවස ගනේවත්ත වෙල්යාය අසලදී පිහි ඇනුම සිදුවී ඇති අතර සිද්ධියට සම්බන්ධ තිදෙනකු නවගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙනඇත. මොවුන් බෝමිරිය, බෝවිල පාර ප‍්‍රදේශයේ පදිංචිකරුවන්වේ.

මෙම ගැටුමට සම්බන්ධ සියලූදෙනා බෝමිරිය ප‍්‍රදේශයේ පාසැල් දෙකක සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්තිවල ඉගනුම ලබන වයස 16 සිට 19 දක්වා වයස්වල පසුවන අය වෙති.

සැකකාර සිසුන් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ගැන සලකා බලා දැඩි කොන්දේසි මත ඇප ලබාදීමට කඩුවෙල මහෙස්ත‍්‍රාත්වරයා නියම කළේය.

නවගමුව පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. දිනේෂ් අත්තරගම මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. තාරක රාජපක්ෂ, පො.සැ. (27855* බන්දුල, පො.සැ (56992* රෝහිත, පො.කො. (76792* අතුකෝරල, පො.කො. (93827* බන්ඩාර යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.
 

කඩුවෙල – සුගත් පේ‍්‍රමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment