පාසල් සිසුවා ගල් ගුහාවකට ගෙනගොස් අතවර කළ  විශ්‍රාමික හමුදා නිලධාරියකු ඇතුළු තිදෙනෙක් කොටු

196

තවත් සැකකරුවන් තිදෙනකු අල්ලන්න විමර්ශන

විහාරස්ථානයක බෝධි පූජාවක් පැවැත්වෙන අතරතුර බාල වයස්කාර පාසල් සිසුවකු රවටා එම විහාරස්ථානයේ ගල් ගුහාවකට රැගෙන ගොස් එම සිසුවා බිය ගන්වා සමූහික අපයෝජනයක් සිදු කළ විශ්‍රාමික හමුදා නිලධාරියකු, බාලවයස්කාර පාසල් සිසුවකු ඇතුළු තිදෙනකු 11 දා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කළ බවත් මිහින්තලේ පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 43 හැවිරිදි හමුදා විශ්‍රාමිකයෙකු ඇතුළු පිරිසකි.

බාලවයස්කාර පාසල් සිසුවකු ඇතුළු පුද්ගලයන් පස්දෙනකු එක්ව සිදු කළ මෙම බරපතළ අපයෝජනය, එක් සැකකරුවකු ජංගම දුරකථනයකින් පටිගත කර තිබේ. වින්දිත පාසල් සිසුවාගේ සහෝදරයාගේ යහළුවකු එම දර්ශන ඔහුට පෙන්වීමෙන් අනතුරුව මෙම සිදුවීම අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.

වින්දිත දරුවාගේ අසල නිවසක පදිංචි හමුදා විශ්‍රාමිකයා ප්‍රථම වතාවට පසුගිය පෙබරවාරි මාසයේ දිනක එම දරුවා ගේ නිවසට පැමිණ තිබේ. දරුවාගේ මව විදේශගතව සිටියදී එම සිසුවා බියගන්වා කිහිපවරක්ම අපයෝජනය කර තිබේ.

ඉන් අනතුරුව පියා සමග අසල විහාරස්ථානයේ තිබූ බෝධි පූජාවකට සහභාගි වූ අවස්ථාවේදී සැකකාර පාසල් ශිෂ්‍යයා ඇතුළු පස් දෙනෙකු තමා විහාරස්ථානයේ ගුහාවක සහ විහාරස්ථානයේ පිටුපසට රැගෙන ගොස් රාත්‍රී කාලයේ සහ දහවල් කාලයේ අතවර කළැයි මෙම දරුවා සිදු කළ ප්‍රකාශ වල සටහන්ව ඇතැයි පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඊයේ (12 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මිහින්තලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණසේකර මහතාගේ උපදෙස් මත නිලධාරීහු පිරිසක් විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූහ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment