පාසල් සිසුවියකගේ නිරුවත් මළසිරුරක් නවාතැන් පොළක

595


කළුතර නගරයේ දුම්රිය මාර්ගයට යාබද පිහිටී මහල් පහකින් සමන්විත තාවකාලික නවාතැන්පොළක තුන්වන මහලින් ඇද වැටී මියගිය පාසල් සිසුවියකගේ නිරුවත් මළසිරුරක් ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබේ.

කළුතර දකුණ පොලීසිය පැවසුවේ ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ එම සිරුර සොයාගත් බවය.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් සිසුවියකි.

පොලීසිය පැවසුවේ අදාළ සිසුවියගේ දෙමාව්පියන් විසින් ඇයව හඳුනාගත් බවය.

එම සිසුවිය ඊයේ පස්වරුවේ තවත් තරුණ යුවළක් සහ තරුණයෙකු සමග එම තාවකාලික නවාතැන්පොළට පැමිණ ඇති අතර තුන්වන මහලෙහි කාමර දෙකක් කුලියට ගෙන එහි රැඳී සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

සිසුවිය සමග පැමිණි අනෙක් යුවළ ඇයගේ මළසිරුර සොයාගැනීමට කෙටි වෙලාවකට පෙර නවාතැන්පොළෙන් පිටව ගොස් ඇති අතර ඇය සමග පැමිණි තරුණයා කාමරයෙන් පිටව ගොස් ඇති බව පොලිසීය සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත.

පොලීසිය සඳහන් කළේ තරුණියගේ සිරුරේ ප්‍රදේශ කිහිපයක සීරීම් කැපීම් සහ තැලීම් තුවාල දැකගැනීමට හැකිවූ බවය.

advertistmentadvertistment
advertistmentadvertistment