පාසල් සිසුවියන් දුම්වැටිය උරද්දී විදුහල්පතිට අතේ මාට්ටු  

1426

දුම් වැටියේ ආරම්භක රට ලෙස සැලකෙන්නේ මෙක්සිකෝවය. පසුව මධ්‍ය ඇමරිකාව දක්වා ව්‍යාප්ත වී අනතුරුව ක්‍රමයෙන් මුළු ලෝකයේම ව්‍යාප්ත වීමට පටන් ගැනුණි. ඒ මීට දශක ගණනාවකට පෙරය.

බොහෝ සෙයින් දුම ඉරුවේ දුම්වැටියට ඇබ්බැහි වූයේ ශීත රටවල ජනතාවයි. ඒ දැනෙන්නාවූ සීතලට යම් තරමක් හෝ ඔරොත්තු දීමට ය. කාලයක් ගිය පසුඑහි පහස විඳීම පිරිමි ගැහැනු භේදයක් නොවීය. පසුව ඝර්ම කලාපීය රටවල ක්‍රමයෙන් දුම්වැටිය ව්‍යාප්ත වූයේ දුම්වැටියේ දුම ඉරීමෙන් දැනෙන්නා වූ මත් ගතිය හේතුවෙන් බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ කාන්තා පක්ෂය දුම්වැටියක් ඉරීම දැකීමෙන් විවිධ කෝණ සහ විවිධ හැඩ හැඩතලවලින් මත ඉදිරිපත් වේ. ඇතැම්විට ඔවුන් සමාජයෙන් කොන් කිරීම ද සිදු නොවන්නක් බව කිව නොහැකියි.

මේ කියන්න යන්නේ කාන්තා පක්ෂයෙන් සිදු වූ එවැනි ක්‍රියාවකි. මීට සම්බන්ධ කාන්තාවන් පාසල් ශිෂ්‍යාවන් වීම ද විශේෂත්වයකි. එවැනි දෙයක් අගනුවර හෝ තදාසන්න ප්‍රදේශවල සිදු වූවානම් විශේෂත්වයක් වීමක් විය නොහැකි බව සිතෙන්නේ අද සිදුවන වෙනත් සිදුවීම් හා සැසඳීමේදීය. මෙම සිදුවීමට ආනමඩුව වැනි පිටිසර ගම්මානයක ශිෂ්‍යාවන් සම්බන්ධවීම අදහාගත නොහැකි තරම්ය විය හැකිය. ආනමඩුව නගරයේ ප්‍රධාන පාසලක නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් සිය පියා නිවසට රැගෙන ආ තිබූ දුම්වැටි කීපයකින් එකක් ගෙන තවත් සිසුවියන් දෙදෙනකු සමග විද්‍යාලයේ වැසිකිළියට ගොස් එය උරමින් සිටියදී දුම් වැටියෙන් නිකුත් වූ ගන්ධයෙන් ඔවුන් සිටිනා ඉසව්ව සොයා ගැනීමට විද්‍යාලයේ විදුහල්පතිතුමාට සහ ආචාර්ය මණ්ඩලයට අපහසු නොවීය.

අනතුරුව විදුහල්පතිවරයා සිසුන් තිදෙනා තාවකාලික පන්ති තහනමට ලක්කර සිසුවියන්ගේ දෙමවුපියන් විද්‍යාලයට ගෙන්වා ඔවුන්ගේ හපන්කම ගැන කියා දුන්නේ දෙමාපියන් දරුවන්ට ආදර්ශවත් ලෙස හැසිරිය යුතු බවත් නිරන්තරයෙන් දරුවන් දෙස දෑස් යොමා සිටිය යුතු බවත් පසක් කරමිනි. දරුවන් නිවසින් පාසලට පිටවයෑමට පෙරත්, දරුවන් පාසල නිම වී නිවසට පැමිණි පසුවත් දෙමවුපියන් විමසිලිමත්වීම යුතුද? නැද්ද? යන්න මින් කියැවේ.

අමරනන්ද විජේසේකර-මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment