පාසල් සිසු දරුවන් එන්නත් කරන අතරේ පාසලට කඩාවැදුණු තිදෙනකු ගුරුවරුන් දෙදෙනකුට පහරදීලා

415

රත්ගම දේව පතිරාජ විදුහලට ඊයේ (28 දා) පෙරවරුවේ කඩාවැදුණ පුද්ගලයන් තිදෙනකු ගුරුවරුන් දෙදෙනකුට පහරදී ඇතැයි රත්ගම පොලිසිය පවසයි.

පාසලේ ළමයින්ට ඊයේ එන්නත් කරමින් සිටියදී එම අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් පුද්ගලයන් දෙදෙනකු පාසල තුළට ඇතුළුවී ඇති අතර එම අවස්ථාවේ එසේ පැමිණියේ ඇයි දැයි ගුරුවරයකු විමසා ඇත.

එවිට ‘හේතුව කියන්නම්’ යනුවෙන් පවසා පිටතට පැමිණි දෙදෙනා පසුව තවත් පුද්ගලයකුද කැඳවාගෙන පාසලට ඇතුළු වී ගුරුවරුන් දෙදෙනාට පහරදී ඇති බවද පොලිසිය කියයි.

පසුව ගුරුවරුන් පොලිසියට පැමිණිලි කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත් අඩංගුවට ගෙන ඇත. රත්ගම පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. කුමාර ද සිල්වා මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment