පාසල් ළමුන්ට මත්පෙති අලෙවි කළ  සැකකරු උපාය දූතයාට මාට්ටු

113

පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් මත්වෙන ඖෂධ අලෙවි කළ සැකකරුවකු  ගිනිගත්හේන පොලිසිය විසින් 11 වැනිදා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

වෛද්‍යවරයකුගේ නිර්දේශයක් මත ඔසුසැල්වලින් රෝගීන්ට නිකුත් කරනු ලබන ඖෂධයක් පාසල් ළමුන්ට අලෙවි කරන ජාවාරමක් ගැන පොලිසියට තොරතුරු ලැබී තිබේ. එහිදී උපාය දුතයකු යොදා ගනිමින් සැකකරු  ගිනිගත්හේන බගතුළුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට  ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ මත්වෙන ඖෂධ 105 ක් තිබී ඇත. එම මත්වෙන ඖෂධ පෙත්තක් අධික මිලකට සැකකරු විසින් අලෙවි කර ඇති බව පොලිසිය පවසයි. සැකකරු හැටන් ප්‍රදේශයේ ප්‍රධාන ඔසුසැලකින් අදාළ ඖෂධ තොග වශයෙන් මිලදී ගෙන මෙම ජාවාරම සිදුකර ඇති බවට කරන ලද මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇත. අත්අඩංගුවට සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

නුවරඑළිය – නාලක රත්නායක
 

advertistmentadvertistment
advertistmentadvertistment