පාසල් 325 කට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ‘පන්දු’ ලබා දෙයි

184

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරනු ලබන පාසල් සඳහා ‘ක්‍රිකට පන්දු’ බෙදා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා පියවර ගනු ලැබීය.

පාසල් ක්‍රිකට් සංගමය සමග එක්ව සිදුකරන ලද මෙම පන්දු බෙදා දීමේදී මෙවර තරගාවලිය සඳහා ලියපදිංචිව සිටින පාසල් 325 ක් වෙනුවෙන් මෙම පන්දු ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා සිටිති. මෙම පන්දු බෙදාදීමේ වැඩසටහන යටතේ සියලුම පාසල් සඳහා පන්දු 7680 ක් බෙදාදීමට නියමිතව තිබේ.

මෙවර පාසල් තරග වාරය නියෝජනය කරනු ලබන පළමු පෙළ, දෙවැනි පෙළ සහ තෙවැනි පෙළ යන සියලුම අංශ නියෝජනය කරනු ලබන පාසල ඒ සඳහා සුදුසුකම් ලබා සිටියි. අදියර කීපයක් යටතේ පැවැත්වීමට නියමිත මෙම පන්දු බෙදා දීමේ වැඩසටහනේ එක් අදියරක් කොළඹ ලුම්බිණි විදුහල් පරිශ්‍රයේදී සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ රුවන් පතිරණ, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප සභාපති ඔෂාර පණ්ඩිතරන්න, පාසල් ක්‍රිකට් ලේකම් ජේ. ඒ. කේ. එස්. ඉන්ද්‍රජිත්, ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුකරුවන්ගේ අධ්‍යාපන අංශයේ ප්‍රධානී හේෂාන් ද මෙල්, ලුම්බිණි විදුහලේ විදුහල්පති, සරත් ගුණතිලක, පාසල් ක්‍රිකට් තරගාවලි සංවිධාන කමිටු ලේකම් නිශාන්ත කුමාර සහ පාසල් ක්‍රිකට් සම්බන්ධීකාරක ලෙසින් කටයුතු කරන මොරිස් ඩිලා ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

advertistmentadvertistment
advertistmentadvertistment