පාසල් 5131ක නැකැත් බලයි

140

කොවිඞ් වසංගතය යම් මට්ටමකට පාලනය වී ඇති නිසා ලබන මස මැද වන විට ළමුන් 200ට අඩු පාසල් 5131ක් මුලින්ම ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා දිවයිනට ඊයේ (22 දා) පැවසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් සිසුන් 200ට අඩු පාසල් විවෘත කිරීමට අනුමැතිය ලබා දී ඇති බවත් ඒ අනුව පාසල් 5131ක් විවෘත කිරීමේ හැකියාව පවතින බවත් ඒ මහතා කීය.

සිසුන් 01 සිට 50 දක්වා පාසල් 1453 ක්, සිසුන් 50 සිට 100 දක්වා පාසල් 1529ක් සහ සිසුන් 100 සිට 200 දක්වා පාසල් 2149ක් පවතින බව ද ලේකම්වරයා පැවසීය. ආරම්භ කිරීමට අවශ්‍ය පාසල්වල සුද්ධ පවිත‍්‍ර කටයුතු පළාත් කලාප අධ්‍යක්‍ෂවරුන් මාර්ගයෙන් විදුහල්පතිවරුන්ට කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස දැනුම්දුන් බව ද ඒ මහතා කීය. පාසල් ආරම්භ කිරීමට නම් ගුරු විදුහල්පති සහාය අනිවාර්යයෙන්ම අවශ්‍ය බවත් ඒ අයගේ සහාය ලබාදෙන ලෙස දරුවන්ගේ නාමයෙන් තමා ඉල්ලා සිටින බවත් ලේකම්වරයා සඳහන් කර සිටියේය. ලබන මස පළමුවැනිදා සිට පාසල් ආරම්භ කිරීමට අදහස් කරගෙන ඇතත් ලොක්ඩවුන් තත්ත්වය ගැන සිතා ලබන මස මැද වන විට පාසල් ආරම්භ කිරීමට අදහස් කළ බව ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment